IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


විශ්වාසභංගයට සහය පල කර සජබ විරෝධයක්

(නිමල කොඩිතුවක්කු)

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංගය යෝජනාවට සහාය පළ කරමින් සමගි ජන බලවේගයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව ඉදිරිපිට අද  විරෝධතාවක නිරත වූහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විරෝධතාවය සදහා සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පැයකට ආසන්න කාලයක් මෙම විරෝධතාවයේ නිරත වූහ.

"තෙල් මිල අඩු කරනු, තෙල් අරමුදලට මොකද වුණේ, තෙල් සහනය කෝ, දැන් සැපද, රට අවුලෙන් පවුල සැපෙන්, පොහොරත් නෑ හාලුත් නෑ, ස තමයි හොදටම කළේ"ආදී විරෝධතා පුවරු එහිදී ප්‍රදර්ශනය කර තිබිණි. පිරිස විරෝධතාවයෙන් අනතුරුව පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තු පිවිසුම දක්වා විරෝධතා පා ගමනේ නිරත වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)

 



අදහස් (6)

විශ්වාසභංගයට සහය පල කර සජබ විරෝධයක්

මහසෙන් Monday, 19 July 2021 01:08 PM

යකාගේ හැටියට විමානේ කිව්වා වගේම ආණ්ඩුවටම ගැලපෙන විපක්ෂය...

:       3       36

Asanga Monday, 19 July 2021 01:28 PM

මේවා නිකන් මාධ්‍ය සංදර්ශන විතරයි. ඔය ඔක්කොම එකයි. අපි තමයි හැමදාම රැවටුණේ... මේගොල්ලෝ ආණ්ඩු කරනකොට ඔය ඔක්කොම හොඳයි. අපේ රටේ තියෙන්නේ කාලකණ්ණි දේශපාලනයක්... රට ගැන කැක්කුමක් ඔය කාටවත් නැහැ හලෝ...

:       1       59

කිරි පුතා Monday, 19 July 2021 02:28 PM

මොනවද මේ මිනිසුන් කරන්නේ? කොරෝනා වසංගතයෙන් රටට කොච්චර ප්‍රශ්න ඇවිත්ද? ඒ සියල්ල විසඳාගන්න සාමූහිකව කටයුතු කරනවා මිසක, කිසිම වැඩකට නැති දෙයක් ඇදගෙන විකාර කරලා හරියනවද? ඔවුන්ගේ බුද්ධි මට්ටම තමයි පෙන්වන්නේ...

:       370       583

පප්ප Monday, 19 July 2021 03:36 PM

කිසි වැඩකට නැති වැඩ, ඔව පාලකය ගනන් ගන්නෙ නැහැ, දැනෙන්න දෙයක් කරන්න

:       0       4

Rohana Monday, 19 July 2021 03:54 PM

සාපේක්ෂව බැලුවොත් පසුගිය ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුවෙන් දැඩි පීඩනයක් ජනතාව වෙත එල්ලකර තිබෙනවා.

:       15       2

Bamunuarachchi Monday, 19 July 2021 04:49 PM

සජබ විස්වාස බන්ගෙට සපෝට් නොකලානම් තමයි පුදුමේ. අපි මේ සපෝට් එකට පුදුම වෙන්නේ නැහැ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 683 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site