IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


වැලි ජාවාරමෝ මිරිස්ගෝනියා ඔයට පනිති

 

(කාංචන කුමාර ආරියදාස)

කලා වැවට ජලය ගෙන යන මිරිස්ගොනියා ඔයේ කිරලව පාලම ආසන්නේ නීතිවිරෝධී ආකාරයෙන් බෝට්ටු යොදා  වැලි ගොඩ දැමූ බව කියන පුද්ගලයන් පස්දෙනකු අත් අඩංගුවට ගත් බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

වැලි ගොඩදැමීමට යොදා ගත් බෝට්ටු තුනක් වැලි ප්‍රවාහනයට යොදා ගත් ට්‍රැක්ටර් දෙකක් ද පොලිස් විශේෂ කාර්ය බළකා බාරයට ගෙන ඇත.

රාජ්‍ය ආරක්ෂක අංශයට දිගින් දිගටම ලැබුණු තොරතුරක අනුව දින ගණනාවක් ඉතා සූක්ෂම ලෙස සොයා බලා පැය තුනක මෙහෙයුමකින් පසු සැකකරුවන් අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීහු පවසති.

කූඩවලින් වැලි ගොඩ දැමීම සඳහා බලපත්‍ර ලබා ගෙන ඉවක් බවක් නොමැතිව බෝට්ටු  සහ ටැක්ටර් ඔයට දමා වැලි ගොඩ දැමීම සිදුකරන අයුරු නිරීක්ෂණය වූ බව පොලිස් විශේෂකාර්ය බළකාය කියයි .

ඔය දෙපස විශාල වශයෙන් පාංශු ඛාදනයට ලක් වෙමින් ගහකොළ පරිසරය විනාශ වීමේ තර්ජනයකට ලක් වෙමින් පවතින බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.



අදහස් (3)

වැලි ජාවාරමෝ මිරිස්ගෝනියා ඔයට පනිති

janis Monday, 22 March 2021 06:48 AM

නඩුත් හාමුදුරුවන්ගේ,බඩුත් හාමුදුරුවන්ගේ ,මේ නරුමයෝ රජයේම පිංගුත්තරයෝ .එක කෝල් එකෙන් .අපේ මිනිහෙක් කියල නිදහස් කරාවි .

:       0       0

siri Monday, 22 March 2021 08:25 AM

කතරගම දෙවියන් ඉදිරියේත් රට පුරාත් " සුරකිමු ගංගා" කියලා තවත් සංදර්ශනයක් පටන් ගත්තා.. මේ දවසේ මේ ගඟ ගැනත් මේ ගොල්ලන්ට පෙනේවා කියලයි කියන්න තියෙන්නේ...

:       0       0

Ana Konda Friday, 26 March 2021 04:44 AM

ඔය දවසේ කුලියට වැඩකරන අහිංසක මිනිස්සු අල්ලන් වැඩක් නැහැ. ඕක පිටිපස්සේ ඉන්න දේශපාලනික අපතයින් සෙට් එකයි, කුඩු චණ්ඩි ටිකයි තමයි අල්ලන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18067 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 14089 19

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10820 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 463 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 139 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 810 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site