IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වල්පාළුව රක්ෂිතයේ ගින්නකින් අක්කර 50 ක් විනාශයි

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
 මහකුඹුක්කඩවල වල්පාළුව රක්ෂිතය සහ අවට ( 17) දහවල් පැතිරි ගිය ගින්නකින් අක්කර 50 කට ආසන්න ප්‍රමාණයක් සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ  සහකාර අධ්‍යක්ෂ ඒ. එම් ආර්.එන්.කේ අලහකොන් මහතා පැවසිය .
 
 මහකුඹුක්කඩවල වල්පාළුව  රක්ෂිතය ආසන්නයේ කුඹුරු යායක පිදුරු කන්දකට කිසියම් පිරිසක් දහවල් ගිනි තැබිමෙන් පසුව එහි ගින්න අවට ඉඩම් වලට පැතිරි යාමෙන් පසුව පුද්ගලික ඉඩම් ගනණාවක කජු ඇතුළු භෝග වගාවන් රැසක් විනාශ වි තිබු බව ආපදා කළමණාකරන එකකය පවසයි.
 
හෙක්ටයාර් 200 කට ආසන්න වල්පාළුව රක්ෂීතයට ගින්න පැමින තිබුනත් රක්ෂීතයේ සේවය කරමින් සිටි කාන්තාවන් පිරිසක් දැඩි ප්‍රයත්නයක් දරා නිවා තිබුණි.
 
මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් දිලාන් ගුණරත්න මහතා සහ වන සංරක්ෂණ නිළධාරින් ආපදා කලමණාකරණ එකකට දැන්විමේන් පසුව යුද හා  නාවික නාවික හමුදාවන් කැදවා ගින්න සම්පුර්ණයෙන් පාලනය කිරීමට හැකිවු බව කියයි.
 
 පුත්තලම 143 බළසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක මහතාගේ උපදෙස් මත 16 වන ගජබා  රෙජිමේන්තු අණදෙන නිළධාරි මේජර් සුජීව රාජමන්ත්‍රි මහතා ඇතුළු නිළධාරින් 30 කට ආසන්න පිරිසක් සමග පුත්තලම තම්බපණ්නී නාවුක කදවුරේ කපිතාන් කුසල් දිසානායක මහතාගේ මෙහෙය විමේන් නාවුක කණ්ඩායමක් ජල බවුසර් සමග ගින්න පැතිරි ගිය ප්‍රදේශයට පැමින තිබුණි
.
 කෙසේ වෙතත් ගින්නේන් කුරුල්ලන් හා මොනර බිත්තර තැනින් තැන පිළිස්සි තිබෙන ආකාරය ඇක ගත හැකි විණි . ඇතැම් වන සතුන් ගින්නත් සමග වෙනත් කැළැබද ස්ථානයකට යන්නට ඇති බව සැක පළ කරයි.



අදහස් (4)

වල්පාළුව රක්ෂිතයේ ගින්නකින් අක්කර 50 ක් විනාශයි

UPUL Sunday, 17 March 2019 04:50 PM

හරිම කණගාටුයි....

:       0       5

hesa Sunday, 17 March 2019 05:01 PM

කිසියම් සංවිධානයක් විසින් මේ රට අගාධය කරා ඇද දමන්නට කරන පාපකාරී දෙයක් කියලයි හිතෙන්නේ... මහජනයා රජයත් සමග විරසක කිරීමේ තවත් ප්‍රයත්නයක් වෙන්න ඇති... වසර ගණනාවක් තිස්සේ සිට තියෙන පුරුද්දක්. රට ගිනි තිබීම, කැරලි ගැසීම, කෝලාහල කිරීම ආදිය. කාට වුණත් ඒ කළ අයට ස්වභාව ධර්මය විසින් දඬුවම් දේවි...

:       1       116

JASON Monday, 18 March 2019 12:34 PM

ඉස්සෙල්ලම ඔය රක්ෂිතයේ නම වෙනස් කරන්න ඕනේ...

:       0       0

සුජීව Tuesday, 19 March 2019 08:29 AM

ඕක මොකක්ද විල්පත්තුවේ අක්කර 17,000 එක්ක බලන කොට.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 285 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 89 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 782 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site