IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


වල්අලි ගැටුම දුරදිග ගිහින් පොලිස් සැරයන් මරුට

(හේමන්ත රණසූරිය සහ බී.ජී.චතුරංග)

වන අලි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වීමත් සමග පොලිසිය සහ ගම්වාසීන් අතර ඇතිවූ දැඩි උණුසුම්කාරී තත්වයක් හේතුවෙන් එම ගැටුමට මැදි වූ පොලිස් සැරයන්වරයකු ගම්වාසීන්ගෙන් එල්ලවූ ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

එම කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් භික්ෂුවක ඇතුලු සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බවත් කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්වීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රඹකැපූවැව, තිත්තගෝනෑව ප්‍රදේශයේ පදිංචි බී.ගුණසිංහ නැමැති 48 හැවිරිදි ගොවි මහතකු වන තිදරු පියෙකි.

විරෝධතාකරුවන්ගේ පහර කෑමට ලක්ව අවාසනාවන්ත ලෙස මෙලෙස ජීවිතක්ෂයට පත්ව වාරියපොල  පදිංචිව සිටි පොලිස් සැරයන් ඒ.පී.සුනිල් (12601) නැමැති 54 හැවැරදි දෙදරු පියෙකි.

(ඡායාරූප: රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

මියගිය පොලිස් සැරයන් ඒ.පී.සුනිල් මහතා

0000000000000000000000000000000000000

 



අදහස් (12)

වල්අලි ගැටුම දුරදිග ගිහින් පොලිස් සැරයන් මරුට

sharm warn Tuesday, 01 November 2022 04:36 PM

මිනිහෙක් මරණ එක කවුරු කළත් වැරදියි. නමුත් මේකෙන් පෙන්නුම් කරන්නේ පොලිස් කාරයෝ වැටිලා තියන තැන. මිනිස්සුන්ව සමාදාන කරලා ප්‍රශ්නෙ විසදන්නේ නැතුව ලොකුකුම පෙන්නන්න ගියාම නම් දැන් විඳවන්න තමා තියෙන්නේ.

:       17       14

SujeewaTuesday, 01 November 2022 05:35 PM

Sharm Warn, ඔබ නම් මෝඩයෙක්ගෙත් මෝඩයෙක්. වල් අලියෙක් ගොවි මහතෙකු මරාපුවාම, ඒකට ලගම තිබෙන පොලීසියෙ අහිංසක සැරයන් මහතෙකු මරා දාන්න තරම් පහත් අපේ සමාජයද? ඔබ මෝඩ වහන්සේ, සාධාරණීය කරන්නේ.

:       9       17

Dil PereraTuesday, 01 November 2022 07:08 PM

සුජීව, ඔබ නියම උත්තරයක් සහ සටහන දක්වා ඇත. පොලීසියට ගහලා, අවනම්බු කරලා, පොලීසිය බලු කරලා , කැලේ නීතිය සමග , නීතියක් නැති රටක් බවට පත්කරපු අයට සිවිල් සමාජේ ප්‍රශ්න වලින් දුක් විඳින්න වුණාම ( හොරුන්ගෙන්, දාමරිකයන්ගෙන් ) එදාට තමා පොලීසිය අගය තේරෙන්නේ. පොලීසියේ 100% නිවැරදි යැයි අපි කවුරුවත් පිළිගන්නේ නැහැ. නමුත්, අද සමාජයේ 100% නිවැරදි කවුද? පන්සලද, පල්ලියද, කෝවිලද, මුස්ලිම් පල්ලියද, රෝහලද, පාසැලද, නීතියද, රාජ්‍ය ආයතනද, පෞද්ගලික අංශද, මාධ්‍යයද, පාර්ලිමේන්තුවද? මෙකි නොකී සියලුම ආයතන සහ ඒවාට සම්න්ධ නිලධාරීන් සහ අනිකුත් සේවකයින් සියලු දෙනාගෙන් අවංක ප්‍රතිශතය කොතරම් අල්පයක්ද යැයි අප කවුරුත් දන්නවා නොවේද?

:       1       15

kapila Tuesday, 01 November 2022 05:31 PM

ගම් වල වෙසෙන අහිංසක මිනිසුන්ට පහර දෙන වල් අලින්ට වෙඩි තැබිය යුතුයි.

:       17       4

NuwanWednesday, 02 November 2022 10:35 AM

අලින්ගේ ජීවන ප්‍රදේශ අකර්මන්‍ය කර ගෙවල් හදාගත්තු ගම් වැසියන්ටයි වෙඩි තියන්න ඕන

:       2       3

සුරංග Tuesday, 01 November 2022 08:48 PM

මිනිසුන්ට ඇතිවෙන ප්‍රශ්න නොසලකා නොවිසදා දිගුකලක් පවතින විට ජනතාව කෝපයට පත්වෙනවා මෙයට පැවති හා පවතින රජයන් සම්පූර්ණයෙන්ම වගකිවයුතුය දැන්වත් ජනතා ප්‍රශ්න සදහා විසදුම් දීමට ආරම්භ නොකොලොත් කුමකින් කුමක් වේදැයි කාට කිවහැකිද?

:       1       9

de silva Tuesday, 01 November 2022 09:36 PM

මියගිය ග්‍රමවැසියට සහ පොලිස් නිළදාරියාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. අලි ඉන්න වනාන්තර කපා, කපා අනවශ්‍ය ගුවන්තොටුපොළවල්, මාර්ග, ගම්මාන හදන විට වනාන්තරේ එලි කරමින් වගාවට කියමින් ගස් කපනකොට අලි ගම්වඳින එක පුදුමයක් නොවේ. වනජීවි දෙපාර්තමේන්තුවත් රජයේ අනෙක් දෙපාර්තමේන්තු මෙන් පරියට රාජකාරී කරන්නේ නැති බව පසුගිය දිනවල යාල කැලේ සිදුවුු දේවල් වලින් පෙනෙනවා. දැන් කළ යුත්ු එකම දෙය තිබෙන කැලෑ ටික ආරක්ෂා කර ඒවාට අලි වැටවල් ඉදිකරලා අලි ටික ඒවා ඇතුළට දමලා අලි වැට නිසි ලෙස නඩත්තු කරන එකයි.

:       0       9

චින්තක Wednesday, 02 November 2022 05:47 AM

මේ අදහස ඉතාමත් නිවැරදියි මොකද ළගදී දැක්කා යාල වනෝද්‍යානයේ විශාල ප්‍රදේශයක් එළිපෙහෙළි කරල එහි සුඛෝපභෝගි වාහන පදිනවා එහෙම වුනාම වන සතුන් ගම්වලට එනවා ඒවා කලේ වනජීවි ඇමති ගෙ අයියගෙ නැත්නම් මල්ලිගේ කොලුවයි තවත් එහෙම එකෙකුගේ බෑණෙකුයි කියලා කියන්නෙ ඉතින් මේවාට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන දේශපාලුවො තමයි මෙම සිද්ධියේදී ඒ ගමේ අයට අමතරව පිටගම් වලිනුත් ආවා නම් සාජන්ට ගහන්න ඇත්තෙ කවුද කියලා හොදින්ම සොයන්න ඕන.

:       0       3

nihal Tuesday, 01 November 2022 09:56 PM

සුජීව, තමුන් බූරුවෙක් වගේ කතා නොකළ යුතුයි. sharm හරි යැයි සිතමි. මහජනයා කෙලින්ම පොලීසියට ගොස් සුනිල්ව මැරුවා නොවේ. කලහකාරී තත්ත්වය දුරදිග ගිය නිසයි මේ දෙය සිද්ධ වුණේ. සියලුම දුප්පත් රටවැසියන් ඉන්නේ දරිද්‍රතාවයෙන් රතු කට්ට පැනලා. පොලිස් සැරයන් ජනයා සමග බුද්ධිමත්ව වැඩ කෙරුවනම් මෙසේ සිදුවෙන්නේ නැහැ. ජනතාව මඩගොහොරුවට තල්ලු කළ බැසිල්, මහින්ද තනිව මේ පාරේ ගමන් කළොත් වෙන්නේ ඔයිට වඩා බිහිසුණු දෙයක්. ඒ මැදට සුජීව පැන්නොත් තමන්ටත් ඒ ටිකම බව මතක තබා ගත යුතුයි. මනුෂ්‍ය ඝාතනය වැරදියි. නමුත් අසීමිත ජීවන පීඩනය ඉදිරියේ නීතිය පවා බිඳ වැටේ.

:       10       2

SujeewaTuesday, 01 November 2022 11:49 PM

නිහාල් (නොහොත් Sharm )මම ඔබට උත්තර දෙන්න අවශ්‍ය නැත.ඉහතින් Dil Perera නැමැත්තෙකු මගේ සටහනට වඩාත් උචිත -යෝග්‍ය අදහසක් දක්වා ඇත.එය කියවූවාම ,ඔබේ මොලය සුද්ද වේවි යයි සිතමි

:       2       3

nihal Wednesday, 02 November 2022 10:58 AM

dil perera.......මේ රට නීතියක් නැති රටක් බවට පත් කලේ පාර්ලිමේන්තුවට එන කාලකන්නි මිනිසුන් පිරිසක් විසින් .මතක තබා ගන්න

:       2       0

බද්රානි Wednesday, 02 November 2022 09:01 PM

අලියෙකු විසින් මිනිසෙකු ඝාතනය කිරීම පුද්ගලයින් දෙපිරිසක් අතර ගැටුමක් නොවන නිසා,පොලිස් නිලධාරියා පක්ෂග්‍රාහීව ක්‍රියාකලා වෙන්න බැහැනේ. එවන් අවස්තාවකදී, වින්දිතයින් ගේ පීඩාවට හා දුකට අනෙක් අය සංවේදී විය යුතුයි. විශේෂයෙන්ම පොලිස් නිලධාරීන් ඒ අතරින් ප්‍රධානයි. මිනිසාට වඩා අලියාට වටිනාකමක් හා ගෞරවයක් තියන රටක, අලියෙකු විසින් තම දරුවෙකු, සහෝදරයෙක්, මව පියා හෝ ඥාතියෙක් මරුමුවට පත් කළා නම් ඒ වේදනාව දැනේවි. සමහරවිට මේ වින්දිතයින් කලින් පොලිසියට හෝ අදාළ බලධාරීන්ට මේ අලි ගැටලුව පිලිබදව පැමිණිලි කරලා තියෙන්න ඇති. ඒ සම්බන්ධයෙන් කිසියම් දෙබසක් ඇති උනා වෙන්නත් පුළුවන්. පොලිසිය පමණක් නොවෙයි මේ රටේ කිසිවෙකු තවකෙකුට සංවේදීව ඇහුන්කම් නොදීම තමයි ප්‍රධාන ගැටලුව. අර "Sharm warn" ලියා තියන ලෙසම පොලිස් නිලධාරියාගේ උද්දච්ජ හැසිරීම මේ ආරවුලට හේතු විය හැකියි. කොහොමත් ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රකෝපකාරී මිලේච්ජ හැසිරීම් නම් අපට අනුමත කල නොහැකියි. නමුත්, පුජකයින්, දේශපාලකයින්, උගතුන්, නුගතුන්, තරුණයින් මේ කාගෙනුත් නිරුපනය වන්නේ ඔවුන්ගේ නොමනා සමාජ හැසිරීමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6700 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18384 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1054 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 253 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1295 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site