IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වරාය බදුදීමට එරෙහිව භික්ෂූන් වහන්සේලා සත්‍යග්‍රහයක


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැගෙනහිර පර්යන්තය ඉන්දියානු පුද්ගලික සමාගමකට බදුදීමට එරෙහිව ජාතික භික්ෂු පෙරමුණ සංවිධානය කළ විරෝධතා සත්‍යග්‍රහයක්  කොළඹ පිටකොටුව බෝධිරාජ විහාරස්ථානය ඉදිරිපිටදී අද (01) පැවැත්විණි.

ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත  ස්වාමීන්වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා 12 නමක් දහවල දානය ද ප්‍රතික්ෂේප කරමින් අද මෙම සත්‍යග‍්‍රහය සඳහා එක්ව සිටියහ.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මේ සඳහා ස්ථීරවම පිළිතුරක් ලබා නොදෙන්නේ නම් වරාය අධිකාරියේ වෘත්තීය සමිති සාමාජිකයන් මෙන්ම සිවිල් සංවිධාන සමග ජාතික භික්ෂු පෙරමුණ ද විරෝධය දැක්වීමට පෙරමුණ ගන්නා බව වකමුල්ලේ උදිත ස්වාමීන්වහන්සේ පැවසූහ.



අදහස් (4)

වරාය බදුදීමට එරෙහිව භික්ෂූන් වහන්සේලා සත්‍යග්‍රහයක

Bamunuarachchi Monday, 01 February 2021 11:25 AM

හම්බන්තොට වරාය චීනාට දෙන කාලේ අරලියගහ මන්දිරේ වැඩසිටියා වත්ද? ඒ කාලේ දැක්කේ නැති නිසයි අහන්නේ...

:       2       2

mp Tuesday, 02 February 2021 02:06 AM

මෙතැන භික්ෂූන් වහන්සේලා භාවනා කරනවා වෙන්නැති..!

:       4       1

බද්රානි Tuesday, 02 February 2021 10:30 AM

ආර්ථික හෝ වරාය කළමනාකරණය ගැන මොනවා දැනගෙනද මේ අය මේ මහපාරේ ඉන්නේ? එළොවටත්, මෙළොවටත් දෙකටම නැති, මහා පොළොවට බරක් වෙලා මදිවාට, අසරණ ජනතාවට පමණක් නොවෙයි දේශපාලකයින්ටත් බරක් වෙලා මේ අය... දන්නා දේකුත් නැහැ, නොදන්නා දේකුත් නැහැ බකපණ්ඩිතයින් වගේ හොට දානවා හැමදේටම...

:       4       9

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 06 February 2021 04:09 AM

ව්‍යාපාරික බුද්ධියෙන් පරිපූර්ණව වැඩවෙසෙන ස්වාමීන් වහන්සේලාගේ සියලු ඉල්ලීම්වලට කන්දීම ඉතා වැදගත්. වරාය නැමැති හොර ගුහාවේ සියළු දේට, අනිසි දේශපාලන පත්වීම්, වෘත්තිය සමිතිකාරයින්ගේ පුහු සටන් පාඨ ආදිය ගැන, ඒවායින් රටට ජාතියට වෙන සෙත ගැන, මනා දැනීමක් ඇති මුන්වහන්සේලාගේ සියළු ඉල්ලීම්වලට කන්දීම ඉතා අගනේය. අනේකවිධ සියළු උවදුරුවලින් අපගේ බුදුදහම බේරාගෙන එකම දුසිල් භික්ෂූවක් හෝ නොමැති තරමට ශාසනික උද්යෝගයක්, විනයක් ඇතිකළ මුන්වහන්සේලාට අද ඇති එකම ප්‍රශ්ණය මේ වරාය ප්‍රශ්නයම පමණි. එබැවින්, මේ සත්‍යයක් ක්‍රියාව සර්ව සාධාරණ වන්නේය. වරායේ සිටින විවිධ ආණ්ඩුවලින් දමනා ලද හෙන්චයියන් හා වරාය පිරිහීම ඇතිකරන වෘත්තීය සමිතිකාරයින්ද, මින් ඉදිරියට ජනතාව විසින් වන්දනාමානයට ලක්කළ යුත්තේය.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 164 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site