IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වඳවීයන කරපටි බකමූණු පවුලක් මාරස්සනින් හමුවෙයි

ඩබ්ලිව්.ඒ. අසේල
 
වඳවීමේ තර්ජනයට ලක්ව සිටින කරපටි බස්සා හෙවත් කොලර්ඩ් ස්කෝප් අවුල් නැමති වර්ගයට අයත් බකමූණු පවුලක්  මහනුවර මාරස්සන ප්‍රදේශයේදී හමුවී ඇත. 
 
වනජිවි ඡායාරූප ශිල්පයකු හා පක්ෂීන් පිළිබඳ ගවේෂකයකු වන තලාතුඔය  ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය  චම්මික දිසානායක මහතා හා අප සමඟ එක්වී කළ ඉතා දුෂ්කර ගවේෂණයකින් පසු මෙම බකමූණු පවුල පිළිබඳව තොරතුරු සොයා ගැනිමට හැකිවිය. 
 
වෛද්‍ය චම්මික දිසානායක මහතා පවසන්නේ තනිව හෝ ජෝඩුවක් ලෙස ජීවත් වන මෙම බකමූණන් විශේෂය මේ ආකාරයට කණ්ඩායමක් ලෙස වාසය කිරීම ඉතා දුර්ලභ හා විශේෂිත සිදුවීමක් බවයි. 
 
ශ්‍රී ලංකාව තුළ බකමුණන් හා බස්සන් විශේෂ කිහිපයක් වාර්තා වන අතර මෙම කරපටි බස්සන් විශේෂය ප්‍රමුඛ තැනක්  ගන්නා බව ඔහු ප්‍රකාශ කර සිටී.
 
තවමත් මේ පිළිබඳ අවසන් නිගමනයකට පැමිණ නැතත් බොහෝ විට මෙය බකමූණු ජනපදයක් වීමට ඉඩ ඇති බව අනුමාන කරන වෛද්‍ය  චම්මික දිසානායක මහතා එසේ වුවහොත් එය විශේෂිත සිදුවීමක් බවද වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (4)

වඳවීයන කරපටි බකමූණු පවුලක් මාරස්සනින් හමුවෙයි

tommy Wednesday, 01 August 2018 12:16 PM

මෙය ඉතාමත් සිත්ගන්නා සුළු ඡායාරුපයකි. බොහෝවිට මේ බකමූණන් විශේෂය මේ ආකාරයට කණ්ඩායමක් ලෙස වාසය කරන්නේ උන්ගේ ආරක්ෂව පිණිස විය හැකියි.

:       0       93

ලුම්බිණි Thursday, 02 August 2018 03:32 AM

ඉතාම අලංකාරයි.

:       0       39

isurandi Thursday, 02 August 2018 07:37 AM

මේ සතුන්ව කකුල් දෙකේ කැළෑ බස්සන්ගෙන් ආරක්ෂා කරගතයුතුය.

:       0       83

chandima Friday, 03 August 2018 12:13 PM

අනේ වාසනාවන් මේ බකමුනන් අපිට. මොවුන් සමහරක් විට මැදියම් රාත්‍රියේදී ඉතා දුර්ලභ ශබ්දයක් නගන අයද දන්නේ නැහැ. කෙසේ වුවත් වත්මන් පරපුර මේ සතුන් ගැන විස්තර දැන ගන්නවනම් කොච්චර හොඳද.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site