IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වනාතවිල්ලුව කඩොලාන ප්‍රතිස්ථාපනයට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් එයි

(ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ)


(ඡායාරූප - එච්. චන්දන)

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනාතවිල්ලුව තිරික්කපල්ලම පුබුදුගම කඩොලාන ප්‍රතිස්ථාපන භූමිය නිරීක්ෂණය කිරීමට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සහාරා හුල්ටන් මහත්මිය අද(20) පැමිණියාය.

කඩොලාන සංරක්ෂණය හා තිරසර භාවය සම්බන්ධව පරිසර අමාත්‍යංශය මගින් සිදුකරන කඩොලාන පුනරුත්ථාපන  වැඩසටහනකට සම්බන්ධ වෙමින් කඩොලාන සංරක්ෂණ කටයුතුවලට සහයවීමට සඳහා ඇය පැමිණි සිටියාය.

මේ සදහා අදාල තිරික්කපල්ලම කඩොලාන පද්ධතිය ආරක්ෂා කරමින් දෙස් විදෙස් විශ්වවිද්‍යාල සිසුන් සමඟ දේශීය හා විදේශීය කඩොලාන අධ්‍යයනය කර පරිසර වේදින්ට හා පාසල් සිසුන්ට මෙම කඩොලාන පද්ධතිය ආරක්ෂා කරමින් සංරක්ෂණය කිරීම සඳහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය දායකත්වය දක්වයි.

ඉදිරියේදි මෙම ස්ථානයේ ලෝකයේ කඩොලාන සංරක්ෂණ මධ්‍යස්ථානයක් ඇරඹීමට සැලසුම් කර ඇති බව පරිසර අමාත්‍යංශ නිලධාරීහු පවසති. මෙම සංරක්ෂණ කටයුතු පුත්තලම දිසා වන කාර්යාලයේ මැදිහත් වීමෙන් සිදුවන අතර ඒ සදහා රාජ්‍ය හා  රාජ්‍ය නොවස ආයතන හා සංවිධාන ද එක්වන බව කියයි.

මෙම තිරික්කපල්ලම කඩොලාන සීමාවේ තිබු කඩොලාන විනාශ කරමින් සකස් කර තිබු ලුණු ටැංකි නැවත කඩොලාන සංරක්ෂණය සඳහා යොදාගැනීම මේ වන විට සිදු කෙරේ. එහි මේ වන විට ඉතා සාර්ථකව කඩොලාන සිටුවමින් ආරක්ෂා කිරීමටද කටයුතු කර තිබෙන ආකාරය දැක ගත හැකි විය. 

පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අමාත්‍යංශ නිලධාරීහු, වයඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය ද එක්ව සිටියහ.



අදහස් (4)

වනාතවිල්ලුව කඩොලාන ප්‍රතිස්ථාපනයට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් එයි

මෝ Wednesday, 20 January 2021 11:53 AM

පුලුවන් පින්වතෙක් ඉන්නවා නම් මේ උදවියව එක්කගෙන යන්න.. අර විනාශ කරපු කඩොලාන පරිසර පද්ධති සහ විනාශ කරපු රක්ෂිත ටිකයි පෙන්වන්න. එවෙලේම තානාපති සම්බන්ධතාවත් නවත්වනවා මහ බ්‍රිතාන්‍යය... අනිවා.!!!

:       0       1

vidya Wednesday, 20 January 2021 10:59 PM

සුද්දන් නැතිව තවම මොනවත් හරියට කරන්න බැහැ වගේ.

:       1       2

kamal Thursday, 21 January 2021 03:28 AM

පරිසර ඇමැතිතුමාට එන්න පාරේ බැරිව ඇති...

:       0       2

fairoos Thursday, 21 January 2021 10:10 AM

හොඳට කෝවිඩ් 19 පාලනය කරපු දොස්තර ජාසිංහ දැන් කඩොලාන හිටවනවා. අනේ මෙහෙමත් රටක්..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site