(සුජිත් හේවාජුලිගේ)
බලශක්තිය අරපරිස්සමෙන් පාවිච්චි කළ රජයේ හා පෞද්ගලික ආයතන 30කට අද (21) සම්මාන පිරිනැමිණ.
මේ සම්මාන පිරිනැමුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අද (21) පස්වරුවේ පැවැති විදුල්කා ජාතික බලශක්ති කාර්යෂමතා සම්මාන උළෙලේදීය.
විදුලිය අරපරිස්සමෙන් පාවිච්චි කළ ආයතන 4ට රාජ්‍ය සම්මානද ආයතන 5 ට රිදී සම්මානද , ආයතන 9 කට තඹ සම්මානද හා තවත් ආයතන 12කට කුසලතා සම්මාන ද මෙහිදී පිරිනැමිණ.
ආයතන 4 කට රිදී සම්මාන පිරිනැමුණේ ජනාධිපතිවරයා අතිනි.විජය පුවත්පත් සමාගමේ හෝකන්දර මුද්‍රණ අංශයට ද කුසලතා සම්මානයක් හිමිවිය.
සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙම උත්සවය සංවිධානය කළේය.විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය , රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා හා එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය. බි.එම්.එස් . බටගොඩ යන මහත්වරු ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූප - ළහිරු හර්ෂණ
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විදුල්කා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන උළෙල ජනපති ප්රධානත්වයෙන්