IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


වෛද්‍යවරු විරෝධතා පාගමනක

(රංජන් කස්තුරි / ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

වෘත්තීය සමිති මර්දනය වහා නතර කරන ලෙස ආණ්ඩුවට බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(22) කොළඹ දී විරෝධතාවයක නිරත විය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, ලේකම් නවීන් ද සොයිසා ඇතුළු වෛද්‍යවරුන් ද වෛද්‍ය පීඨවල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිසක් ද කොළඹ අලුත්කඩේ අධිකරණ පරිශ්‍රය අසලට රැස්වී එහි පැයක පමණ කාලයක් නිහඬ විරෝධතාවයක නිරත වූහ.
ඉන්පසු විරෝධතාකරුවෝ අලුත්කඩේ සිට ටෙක්නිකල් හන්දිය ඔස්සේ මරදාන පාර හරහා පුංචි බොරැල්ල දෙසට පාගමනින් පැමිණ එතැන් සිට කොළඹ ජාතික රෝහල දක්වා ගමන් කළහ.

 



අදහස් (23)

වෛද්‍යවරු විරෝධතා පාගමනක

namal baba Monday, 22 May 2017 10:53 AM

අනාගත සෞඛ්‍ය ඇමති

:       25       32

වෛද්‍ය දිසානායක Monday, 22 May 2017 11:10 AM

උතුම් වෛද්‍ය වෘත්තීයට රට්ටු අතර තිබුණු පිළිගැනීම බින්දුවටම වට්ටා හෑල්ලුවට පත්කරපු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගැන මෙහි සාමාජිකයෙක්ව සිටි මා අද ලැජ්ජා වෙමි.

:       19       108

sam Monday, 22 May 2017 11:19 AM

පෙළපාලිය මෙහෙයවන්නේ අන්තරෙන් වගේ. පෙනවාද කට්ටිය පෙරමුණේ සහ දෙපැත්තෙන් ඉන්නවා ඩෙනිම් ඇඳගෙන සෙරෙප්පු දාගෙන. සාමකාමී විරෝධ වරදක් නැහැ ලෙඩ්ඩු අමාරුවේ දාන්නේ නැතුව.

:       3       21

Gayan Monday, 22 May 2017 11:22 AM

මෙවැනි පුද්ගලයින්ට නම් නිසි නිතිමය පියවර වහාම ගත යුතුය... නමුත් මිනිසා ඉතා භයානක සත්වයෙකි.

:       3       16

Gayan Monday, 22 May 2017 11:22 AM

සියලු සුනඛ කුලයේ මිනිසුන් බැද දමමු , (නරකද යෝජනාව) . සුනඛයා ඉතා සුහද කෙලෙහිගුණ දන්නා සත්වයෙකි . නමුත් මිනිසා ඉතා භයානක කුහක සත්වයෙකි.

:       2       43

kumar (galf) Monday, 22 May 2017 11:33 AM

වෘත්තීය සමිති විසින් රටේ මහා ජනතාව පීඩනයට හා මර්ධනයට ලක් කිරීම වහාම නතර කරන්න.

:       2       16

Dwayne Monday, 22 May 2017 11:47 AM

අනේ කොච්චර හොඳද ජාතික රෝහලට ගිය එක!! පුද්ගලික රෝහල් වගේ නෙවෙයිනේ..

:       2       8

sam Monday, 22 May 2017 12:20 PM

පෙළපාලිය මෙහෙයවන්නේ අන්තරෙන් වගේ.... පේනවාද කට්ටිය පෙරමුණේ සහ දෙපැත්තෙන් ඉන්නවා... ඩෙනිම් ඇඳගෙන සෙරෙප්පු දාගෙන. සාමකාමී විරෝධ වරදක් නැහැ. හැබැයි ලෙඩ්ඩු අමාරුවේ දාන්නේ නැතුව....

:       2       5

Jim kuruMonday, 22 May 2017 12:53 PM

වෙනම අපායක් හැදෙන එකයි වෙන්නේ... ලෙඩ්ඩු මැරුණට කිසිම ගාණක් නැහැ වගෙයි...

:       5       16

ලක්සිරි Monday, 22 May 2017 12:30 PM

අර පින්තූරයේ ඉන්න පිරිසගෙන් මාර්ගය දෙපස ඉන්න ජනතාවට තියෙන කරදරේ ගැනයි මම මේ කල්පනා කළේ...

:       1       20

Shyamsn Monday, 22 May 2017 12:37 PM

රට විනාශ වෙන්නයි යන්නේ... මේ හින්දා බුද්ධිමත් උදවියට හරියට වැඩක්වත් කරගන්න බැහැ...හරිම අභාග්‍යයක් තමයි.

:       1       5

කරුණාපාල Monday, 22 May 2017 12:54 PM

දොස්තරවරු ලෙඩ්ඩු වෙලා ඉන්න රටේ, ලෙඩ්ඩුන්ට යන කල මොකක්ද කියලයි මම කල්පනා කලේ? ඒ වුණාට පින්තුර ටික බැලුවාම තමයි වැටහුනේ... ලෙඩ දොස්තරලගේ සංඛ්‍යාවට වඩා බොහෝ ඉහල සංඛ්‍යාවක් සැබෑ වෛද්‍යවරු ලංකාව තුල සිටින බව....

:       1       12

deebi Monday, 22 May 2017 12:59 PM

ළමුන් වැරදි වැඩවලට යොදාගන්න එපා කියන එක නේද? ඈත අතීතයේ සිට පැවත එන්නේ...

:       1       12

බද්රානි Monday, 22 May 2017 01:44 PM

අද දවල් අව්වේ ටිකක් පිච්චුනාට පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ,. අන්න දැනටමත් චැනල් කරන්න සෙනඟ පිරිලා. අද හොද්ද බොරයි වගේ!!!

:       0       21

saki Monday, 22 May 2017 01:48 PM

ශ්‍රී ලංකාවේ අගතිගාමී බවක් පෙන්නන පෝස්ටර් ටිකක් ...

:       0       21

Susil Monday, 22 May 2017 02:32 PM

වෛද්‍ය සිසුන් සහ දොස්තරලා මෙපමණද ලංකාවෙ ඉන්නෙ? පව් දෙයියනේ..

:       0       23

Susil Monday, 22 May 2017 02:34 PM

ඕක තමයි බමුණු කුලය හිතාගෙන ඉන්න විදිය...

:       0       18

saman Monday, 22 May 2017 02:47 PM

මෙහෙම කළොත් සුනාමියක් හරි ඇවිල්ල විනාශ වෙලා යයිනේ... දෙයියනේ...

:       0       2

seela de silva Monday, 22 May 2017 03:10 PM

මහජනතාවගේ මුදලින් සරසවි අධ්‍යාපනය හදාරා වෛද්‍ය වෘත්තිය මහජන සේවයක් සේ නොසලකන මේ පිරිසගෙන් කුමන යහපතක්ද? දරුවන් කරපින්නාගෙන බාහිර රෝගී සායනවල බඩගින්නේ බැංකුව මත හඩා වැටී සිටින අම්මලාව දැක්කේ නැද්ද? පපුවේ තෙතමනයක් නොමැති මෙවැනි මිනිසුන්ගෙන් අපට බලාපොරොත්තු විය හැක්කේ මරණය විනා වෙන කුමක්ද? දැන්වත් ත්‍රිවිද හමුදා සේ වෛද්‍ය, ගුරු සහ හෙද සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ස්ථාපිත කළයුතුය.

:       3       132

indika Monday, 22 May 2017 03:12 PM

මෙයාලට මේවා මතක් වුණේ අදද? මෙච්චරකල් මෙයාල කොහේද හිටියේ...? සයිටම් පටන් අරන් අවුරුදු ගාණක් නේද?

:       1       7

Migida Monday, 22 May 2017 09:14 PM

කාලෝ ෆොන්සේකා මහත්තයත් ගිහිල්ල උසාවියට වෛද්‍ය පාදෙණිය මහත්තයව බලන්න . එස්.එල්.එම්.සී. සභාපති අපක්ෂපාති විය යුතුය...එම තනතුරට සුදුස්සෙක් වන්නේ එවිටයි.

:       0       0

kondosthara Monday, 22 May 2017 09:15 PM

ලෙඩ්ඩු බංකු උඩ නිදි. දොස්තරලා වැටුප් ලබමින් වැඩවරයි. දේශපාලනයට හොටනොදා යන්න ලෙඩ්ඩු බලන්න.

:       0       0

Hafeel Tuesday, 23 May 2017 08:49 AM

මේ පාදෙනියලා පහුගිය රජය කාලේ කොහෙද හිටියේ? මේ මොන මර්දනය පහුගිය රජය කාලේ තුබුණු මර්දනයෙත්තෙක්ක බලනවිට? මේ පාදෙනියලාට උවමනාවෙලා තියන්නේ ආපහු හොරුන් බලයට ගෙන්න?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6700 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18384 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1054 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 253 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1295 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site