වික්ටෝරිය ජලාශය අද (06) සිව් වැනි වරටත් වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘත විය.
මධ්‍යම කදුකරයට ඊයේ (5) රාත්‍රියේ සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු 4 ක් අද උදෑසන මෙලෙස විවෘත වී තිබේ.
වික්ටෝරිය ජලාශයෙන් පිටවන ජලය රන්දෙනිගල ජලාශයට එකතුවන අතර රන්දෙනිගල ජලාශයද ජලමට්ටම සීග්‍ර ලෙස ඉහළ යමින් තිබෙන බව රන්දෙනිගල කාර්ය භාර ඉංජිනේරුවරයා සදහන් කළේය.
පවතින තත්වය මත රන්දෙනිගල ජලාශය තව පැය කීපයකින් වාන් දමනු ඇතැයිද ඉංජිනේරුවරයා සදහන් කළේය.
රන්දෙනිගල ජලාශයට පහළින් මහවැලි ගංගාව භාවිත කරන ජනතාව ඉතා විමසිලිමත්ව සිටින ලෙසද ඉංජිනේරුවරයා ජනතාවගෙන් ඉල්ලීමක්ද කර සිටී.
( චන්දන උඩුවාවල )
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි