IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලොව කුඩාම රූපවාහිනිය නිපදවයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව කුඩාම රූපවාහිනිය නිපදවීමට ටයිනිසර්කිට් සමාගම සමත්වී ඇති අතර එය ප්‍රමාණයෙන් මුද්දරයක් තරම්ය.

අප දිනපතා භාවිතා කරන ඉලෙක්ට්‍රොනික් උපකරණ දිනෙන් දින විශාල ප්‍රමාණයන්ගෙන් නිපදවීමට මවු සමාගම් කටයුතු කරන අවස්ථාවක ටයිනිසර්කිට් සමාගම ලොව කුඩාම රූපවාහිනිය නිපදවා තිබේ.

කුඩාම රූපවාහිනිය ටයිනි ටීවී ලෙස නම් කර ඇති අතර ඒ යටතේ ටයිනිසර්කිට් සමාගම මාදිලි දෙකක් එළි දක්වා ඇත.ටයිනි ටීවී මිනි මාදිලියේ තිරය මුද්දරයක ප්‍රමාණය වන අතර ටයිනි ටීවී 2 මාදිලියේ තිරය අඟලකි එහි ස්පීකරය අඟල් 0.6x0.4 කි.මෙම මුල් ආකෘති වැඩි දියුණු කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 128640 ක ආයෝජන ටයිනිසර්කිට් සමාගමට දැනටමත් ලැබී ඇති බව පැවැසෙයි.

බැටරි බලයෙන් පැයක කාලයක් වීඩියෝ නැරඹීමේ හැකියාව තිබෙන ටයිනි ටීවී මාදිලියට තිබෙන අතර 8gb මෙමරි චිපයක්ද මාදිලි දෙවර්ගයටම ඇතුළත් වී ඇත.



අදහස් (0)

ලොව කුඩාම රූපවාහිනිය නිපදවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 204 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site