චතුර එස් .කොඩිකාර
ලෝක වකුගඩු දින සැමරීම වෙනුවෙන් සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය සංවිධානය කළ උත්සවයක් අද (08) කොළඹ 07 නව නගර ශාලා පරිශ්‍රයේදී පැවැත්විය.
මෙහිදී වකුගඩු බද්ධ කළ අයකු මෙන්ම ව්‍යාපාරික කරු හීනටිගල මහතා සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය වෙත මුදල් පිරිනැමීමක්ද සිදුකළ අතර එම සංගමයේ උපදේශිකාවක් වන ප්‍රවීන රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය වෙත එම පිරිනැමීම සිදුකෙරිණි.
සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ උපදේශකවරුන් වන වකුගඩු බද්ධ කරණය සහ රුධිර කාන්දු පෙරනය ලංකාවට හදුන්වා දුන් මහාචාර්ය රිස්වි ෂෙරිෆ් ,ප්‍රවීන රංගන ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ , වෛද්‍ය සංජය හෙයියන්තුඩුව ,ජනාධිපති අරමුදලේ ලේකම් ඩි .එන්. නානායක්කාර යන මහත්ම මහත්මීන් ඇතුළු වෛද්‍යවරුන්, හෙද හෙදියන් , ඇතුළු පිරිසක්ද සහභාගි වුහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලෝක වකුගඩු දිනය සමරයි