IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලෝක ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවට ගෙනෙයි

ලබන වසරේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන ලෝක කුසලානය අද (20 වැනිදා) ශ්‍රී ලංකාවට ගෙනෙන ලදි. ලෝක කුසලාන තරගාවලියට පොරතුව ලෝක කුසලානය සෑම රටක් වෙතම ගෙන යාම අන්තර්ජාතික ක්‍රිකට් සභාව වසර කිහිපයකට ඉහතදී ආරම්භ කරන ලද සම්ප්‍රදායකි.

ලෝක කුසලානය අද ශ්‍රී ලංකාවට ගෙනා අවස්ථාවේදී ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා සහ 1996 ලෝක කුසලාන දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග යන මහත්වරුන් විසින් කොළඹ නිදහස් චතුරස්‍රයේදී එය පිළිගන්නා ලදි. පාසල් දරුවන්ටද එය දැකගැනීමේ අවස්ථාව උදාකරදී තිබිණ.

 

 

 



අදහස් (8)

ලෝක ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවට ගෙනෙයි

sam Thursday, 20 September 2018 04:00 PM

ඔහොම බලාගත්තොත් තමයි, ආයේ ලෝක කුසලානයක් මේ කපේට ශ්‍රී ලංකා කණ්ඩායම ගේනවා බොරු

:       0       97

Sunil Thursday, 20 September 2018 04:39 PM

ඒක දිනලා බලන්න බැරි වෙන නිසා පෙන්නලා ගෙනියන්න ගෙනල්ලා.

:       0       35

sam Thursday, 20 September 2018 05:13 PM

ඔහොම ගෙනාවොත් තමයි.

:       0       12

rohitha Thursday, 20 September 2018 05:24 PM

අපිට ලංකාවේ ක්‍රිකට් ගැන තව කතා ක‍රන දෙයක් ඉතුරුවෙලා නෑ!

:       0       11

susantha Thursday, 20 September 2018 08:21 PM

ඔහොමවත් බලාගන්න එක හොඳයි, නැත්නම් මේ කපේකදී ඇත්තටම දිනපු එකක්නම් බලන්න වෙන්නේ නෑ!

:       0       4

sisira Thursday, 20 September 2018 11:22 PM

ඕක දිහා බලන් හිටියට හරියන්නේ නැහැ. අපේ දිනෙන් දින අගාදයට යන ක්‍රිකට් ක්‍රීඩාවට පුනරුත්ථාපනයක් ලබා දිය යුතුයි.

:       0       12

බන්දුල අමරසිංහ Friday, 21 September 2018 12:52 AM

මෙහෙමවත් ලෝක කුසලානයක් ශ්‍රී ලංකාවට ගෙන ඒම ගෞරවයක්

:       0       6

අරුණසිරි Friday, 21 September 2018 02:52 AM

අර ෆාස්ට් බෝලර් කෙනෙක්ගේ තාම කට අඩුවෙලා නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site