IMG-LOGO

රෑ තිස්සේ ගෝවා ගෙඩිය කාලා ඉර එන්න ඉස්සර සැඟවෙයි

 

( පද්මා කුමාරී කංකානම්ගේ )

කල්පිටියේ ගෝවා වගාවන්,  රාත්‍රි කාලයේ දී ආක්‍රමණය කරණ සේනා දළඹුවාට සමාන දළඹු විශේෂයක් පිළිබදව  කල්පිටියේ ගෝවා වගා කරුවෝ චෝදනා කර සිටිති.

කල්පිටිය අලුත් කොළණිය ගොවි මහතෙකු වූ උපාලී වීර සිංහ සිය ගෝවා වගාවට සිදුව ඇති හානිය පිළිබදව මෙසේ විස්තර කළේ ය.

"මම අක්කර දෙකක ගෝවා වගා කරලා තියෙනවා.ගෝවා වගාවට ඉතාම සුදුසු දේශ ගුණික කාලය තමයි මේ.දැන් අස්වැන්න නෙලන කාලයයි."

"අපේ වැඩුණු ගෝවා ගෙඩිවල කොළ බරපතළ විදිහට සිදුරුවෙන්න ගත්තා.කොළ කන්නේ කවුද හොයා ගන්න බැරි වුණා.අපි විවිධ කෘමි නාශක භාවිතා  කළා.ඒත් ප්‍රතිපලයක් ලැබුණේනැහැ."

"පස්සේ අපි අහම්බෙන් තමයි සොයා ගත්තේ අදුර වැටුණට පස්සේ දළඹු විශේෂයක් ගෝවා ගෙඩිය මත ඉදගෙන සීඝ්‍රයෙන් ගෙඩ්ය කනවා.ඉර පායන්න කලින් ආපසු අතුරුදහන් වෙනවා."

"අක්කරයක  ගෝවා වගාවකට රුපියල් ලක්ෂ එකහමාරකට වඩා වියදමක් යනවා.මේ තත්ත්වය නිසා අපේ ගෝවා විකුණා ගන්න විදිහක් නැහැ.බැංකුවට ණය වෙලයි මම ගොවිතැන් පටන් ගත්තේ.දැන් වහ බොන්නයි වෙලා තියෙන්නේ."

ගොවා වගාකරුවෙකු වූ ඩී.එම්.ප්‍රනාන්දු මෙසේ අදහස් දැක් වූ යේය.

"වෙන අවුරුදුවල ගෝවා වගාවෙන් මේ කන්නයේ අපි හොදට ලාභ ගත්තා.ඒ නිසා හුගක් දෙනෙක් ගෝවා හිටවලා තියෙනවා.කනකර උගසට තියලා,බැංකු ණය අරගෙන තමයි වියදම හොයා ගෙන තියෙන්නේ.මේ දළඹුවා නිසා සමහර ගොවි බිම්  එහෙමම අත් හැරදාලත් තියෙනවා."

අප මේ පිළිබදව පුත්තලම කලාපය භාර සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා බී.වී.තරංගිකා ශ්‍යාමලී මහත්මියගෙන් විමසූ වෙමු.මේ පිළිබදව සොයා බැලීමට පාලකුඩාව ගොවි ජන කේණ්ද්‍රයේ කෘෂිකර්ම උපදේශකවරයෙකු යොමු කරණ බැව්  ඒ මහත්මිය පැවසුවා ය.



අදහස් (0)

රෑ තිස්සේ ගෝවා ගෙඩිය කාලා ඉර එන්න ඉස්සර සැඟවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 712 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1121 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site