රුහුණු කතරගම මහ දේවාලයේ 2017 වර්ෂයේ ඇසළ උත්සවය සඳහා කප් සිටවීම අද අලුයම 4.30 ට යෙදුනු සුභ මොහොතින් සිදු කෙරිණ. දුටුගැමුණු රජතුමා විසින් නියම කරන ලද මෙම චාරිත්‍රය පෙර රජ දවසේ පටන් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන දේව චාරිත්‍රයකි.
කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ ප්‍රථම චාරිත්‍රය වන මෙම කප් සිටුවීමෙන් දින 45 ක් ගිය පසු පෙරහැර මංගල්‍ය කළ යුතුය. මෙවර කතරගම ඇසළ මංගල්‍යය ජුලි මස 24 වැනි දින පෙරහැර මංගල්‍යයෙන් ආරම්භවීමට නියමිතය.
ජුලි 24 ඇරඹෙන ඇසළ පෙරහැර දින 15 ක් පවත්වනු ලබයි. අගෝස්තු (07) වැනි දින අවසන් මහ පෙරහැර පවත්වා අගෝස්තු (08) වැනි දින මැණික් ගඟේ දිය කැපීමේ මංගල්‍යයෙන් පෙරහැර නිමාවට පත්වන බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩී. පී. කුමාරගේ මහතා පැවසීිය. අද අලුයම 4 . 30 ට යෙදුනු සුභ හෝරාවෙන් කතරගම දේවාලයේ බස්නාායක නිලමේ ඩී. පී. කුමාරගේ මහතා සහ පාරම්පරික කපුමහත්වරුන් විසින් කප් සිටුවන ලදි. මෙම අවස්ථාව දැක බලාගැනිම පිණිස හින්දු මෙන්ම බෞද්ධ බැතිමත්හු රැසක් පැමිණ සිටියහ.
මෙම කප්සිටු වීමෙන් සංඛේතවත් කෙරෙන්නේ කඳසුරිදුන් හා වල්ලී දෙවඟන අතර සිදු වන විවාහ මංගල්‍යය සඳහා දින කීපයකට පෙර මඟුල් මඩුව සැදීමට සුභ නැකතක් අනුව කනු සිටුවීම බව කතරගම දේවාලයේ ප්‍රධාන කපුධුරන්දර සොමිපාල ටී රත්නායක මහතා පවසා සිටියේය.
(සටහන සහ ඡායාරූප - කතරගම කේ. ඩී. දේවප්‍රිය)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රුහුණු කතරගම ඇසළ මංගල්‍යයට කප් සිටුවයි
gayan dedigama Monday, 12 June 2017 03:58 AM
රටටම කද සුරිඳු පිහිට ලැබේවා !!!