IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රන් හොරෙන් ගේන අලුත් ක්‍රමයක්

(ටී.කේ.ජී.කපිල)

ක්‍රෙඩිට් කාඩ් ලෙස සැකසූ රුපියල් කෝටි 11කට අධික  වටිනා රන් තොගයක් රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබුවාය. .

විවිධ වානිජ බැංකු විසින් නිකුත් කල ක්‍රෙඩිට් ලෙස බැලූ බැල්මට හැගී යන ආකාරයටම මේවා සකස් කර තිබේ . මේ ආකාරයට ශ්‍රී ලංකාවට රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස ගෙන ආ පළමු අවස්ථාව මෙය බැව රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීවරයෙක් පැවසීය .

කැරට් 24 රත්තරන්වලින් සකස් කරන ලද ස්වර්ණාභරණ ශ්‍රී ලංකාවට ගෙන ඒම තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් ද පළ කර ඇත්තේ මේ ආකාරයට නීතිවිරෝධී රත්තරන් ජාවාරම් මැඩලීමටය .

මෙම රත්තරන් තොගය නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙන කාන්තාවකි .

ඉන්දියාවේ චෙන්නායි සිට  කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියාය .

ඇය මුලින්ම ඩුබායි සිට ඉන්දියාවේ චෙන්නායි වෙත පැමිණ , එතැන් සිට ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණේ රේගු නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමටය .

ඇය මේ වනවිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හරහා ඩුබායි වෙත ගුවන් ගමන් 04 වරක් පමණ සිදු කර ඇති බව ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය පරීක්ෂා කළ රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ .



අදහස් (2)

රන් හොරෙන් ගේන අලුත් ක්‍රමයක්

Asela Saturday, 14 January 2023 11:22 PM

කැරට් 24 න් රත්‍රං බඩු සෑදිය නෙහැක. කැරට් 24 ට රිදී හෝ තඹ යම් ප්‍රමිතියකට අනුව මිශ්‍ර කර කැරට් 22 හෝ ඊට අඩු කැරට් ප්‍රමාණයෙන් යුතු ස්වර්ණාභරණ සෑදිය හැක්කේ. කොහොම නමුත් හොඳ ගේමක් දීලා තියෙන්නේ.

:       0       1

චන්දිම Sunday, 15 January 2023 09:31 AM

සමහරු ඔහොම නෙමෙයි කෙලින්ම ගුවන් මාර්ගයෙන් ගේනවා වෙනුවට ගුද මාර්ගය ඔස්සේ රත්රන් ගෙන්න ට්‍රය් කරනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site