රන්ටැඹේ ජලාශය

(රංජිත් කරුණාවීර)
දැඩි වර්ෂාවත් සමග රන්දෙනිගල හා රන්ටැඹේ ජලාශ උපරිම ජල මට්ටම දක්වා පැමිණ සමඟ එහි වාන් දොරටු ස්වයංක්‍රීයව වරින් වර විවෘත වන බව රංදෙනිගල ජලාශ කාර්ය බාර ඉන්ජිනේරු ඩී.එම්. ධර්මදාස මහතා පවසයි.
මේ හේතුවෙන් විශාල ජල ධාරිතාවයක් මහවැලි ගඟට මුදා හරින බැවින් රංදෙනිගල හා රංටැඹේ ජලාශ වලට පහලින් ගඟ පරිහරණය කරන ජනතාව විමසිල්ලෙන් හා පරික්ෂාකාරී වන ලෙස ද ඒ මහතා කියයි.
රංදෙනිගල ජලාශයේ වාන් දොරටු 01ක් මීටර් 2.5ක් උසට ස්වයංක්‍රීයව විවෘත වී ඇති අතර ඉන් තප්පරයට ඝණ මීටර් 400ක ජල කඳක් මුදා හැරිණි.
තවද රංටැඹේ ජලාශයේ වාන් දොරටු දෙකක් මීටර් 01 බැගින් විවෘත ස්වයංක්‍රීයව විවෘත වු අතර ඉන් තප්පරයට ඝණ මීටර් 600ක ජල කඳක් මහවැලි ගඟට මුදා හැරිණි.
වික්ටෝරියා හා කොත්මලේ ජලාශ වාන් දැමීම හේතුවෙන් ඉන් පිට කෙරෙන ජලය හේතුවෙන් ඉතා සීග්‍ර ලෙස රංදෙනිගල ජලාශය හා රංටැඹේ ජලාශයේ ජල මට්ටම් සිග්‍ර ලෙස ඉහල යමින් පවතී. තවද බංඩාරවෙල, බදුල්ල ප්‍රදේශවලට ඇදහෙලන අධික පර්ෂාව හේතුවෙන් බදුලු ඔයෙහි විශල ජල ප්‍රමාණයක් රංටැඹේ ජලාශ වලට එකතුවිම හේතුවෙන්ද නිරත නිතර රංටැඹේ ජලාශයේ වාන්දොරටු ස්වයංක්‍රියව විවෘත වේ.
තවද රංදෙනිගල හා රංටැඹේ ජලාශ වලින් නිකුත් කරන අධික ජල ප්‍රමාණය හේතුවෙන් මිනිපේ අමුණ ආසන්නයෙන් මිණිපේ යෝධ ඇළ සදහා ජලය ලබා ගැනීමට ඉදිකර ඇති තාවකාලික ගේට්ටුව කැඩී යාමේ අවධානමකට ඊායේ (07) දින ඇති විය.
පසුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මිනිපේ වම්ඉවුර පුණරුප්තාපන ව්‍යාපෘති නිළධාරින් එක්ව යෝධ ඇළේ ඒක් ස්ථානයක වැලි කොට්ට දමා ඇළ හරස් කර ඇළ දිගේ පැමිනෙන විශාල ජල කඳ මහවැලි ගඟට මුදා හැරිමට හැකි වන පරිදි සකස් කෙරිනි.
රන්දෙනිගල

රන්ටැඹේ ජලාශ

මිනිපේ අමුණ


2025 දෙසැම්බර් මස 18
249
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන්දෙනිගල - රන්ටැඹේ වාන් දොරටු ඇරේ
අයෝධයා සත්රනි Monday, 03 January 2022 10:04 AM
හරි ලස්සනයි මට කියන්න දේවල් නෑ