IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


රට පුරා ගුරුවරු-විදුහල්පතිවරු ලෙඩ නිවාඩු දමති

ඉල්ලීම් කිපයක් මුල් කර   ගනිමින්  දිවයින පුරා පාසල්වල  ගුරුවරුන් සහ  විදුහල්පතිවරුන්   අද (26)  අසනීප නිවාඩු ලබා සේවයට  වාර්තා නොකිරීමෙන් පාසල් සිසුහු දැඩි අපහසුතාවට පත්වූහ.

ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට ඇති ගැටළු  සම්බන්ධයෙන්  කරන ලද ඉල්ලීම් සඳහා රජය කිසිදු පියවරක් නොගැනීම නිසා මෙවැනි ක්‍රියා මාර්ගයක් ගත් බව ගුරුවරු සහ විදුහල්පතිවරු පැවසූහ.

ලංකා ගුරු සංගමය,  ලංකා සේවා ගුරු සංගමය, සමස්ත ලංකා  විදුහල්පතිවරුන්ගේ  සංගමය, සහ අධ්‍යාපන සේවකයන්ගේ සංගමය ඇතුළු  සංගම් රැසක් මේ සඳහා එක්ව සිටිති.ගුරුවරුන්  තම සේවා ස්ථාන වෙත විදුලි පණිවිඩ යැවීම සඳහා තැපැල් කාර්යාල තුළ  දිගු පෝලිම් ගැසී සිටින අයුරු ද දක්නට  ලැබුණි.

(ඩබ්.ඒ පියතිලක, රංජිත් රාජපක්ෂ, ප්‍රසාද් රුක්මල්, කාංචන කුමාර ආරියදාස, පාලිත ආරියවංශ, රොමේෂ් මධුෂංක, තරංග ගුණරත්න, කේෂර ගුණතිලක, ප්‍රියාණි මංගලිකා,අජිත්ලාල් ශාන්ත, හිරාන් ප්‍රියංකර, දයාරත්න ඇඹෝගම, ටී. එල්. ජව්ෆර්කාන් සහ තුසිත කුමාර ද සිල්වා , බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ පාලිත ආරියවංශ

 

( ඡායාරූප- ඩබ්ලිව්. පියතිලක ) 

(ප්‍රසාද් රුක්මල් - බදුල්ල) 

(රංජිත් රාජපක්ෂ - වතුකරයේ පාසල්)

(කාංචන කුමාර ආරියදාස- දඹුල්ල)

(රොමේෂ් මධුශංඛ - උතුර)

 (කේෂර ගුණතිලක-බිබිල)

(ප්‍රියානි මංගලිකා -නිකවැරටිය)

(හිරාන් ප්‍රියංකර ජයසිංහ-පුත්තලම)

(දයාරත්න ඇඹෝගම - උතුරු මැද)

(ටී. එල්. ජව්ෆර්කාන් - මඩකලපුව)

(තුසිත කුමාර ද සිල්වා-කළුතර)

(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ - බණ්ඩාරගම)

(පාලිත ආරියවංශ- බදුල්ල)



අදහස් (15)

රට පුරා ගුරුවරු-විදුහල්පතිවරු ලෙඩ නිවාඩු දමති

Nimal ... Wednesday, 26 February 2020 05:31 AM

මොන අප්පච්චිගෙ පාලනය ආවත් ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ නෑ. ඒ අයගේ ප්‍රශ්න ගැනයි සාකච්ඡාව. ජනතාව ගොනාට ඇන්දෙනවා එච්චරයි වැඩේ. ඊ ළඟ මැතිවරණයෙදිත් ගොනාට අඳින්නේ නැතිව දෙන්න එකෙක් නැත්තම් නොදී ඉන්න.

:       355       302

Raveendra Wednesday, 26 February 2020 05:32 AM

වර්ජන කෙසේ වෙතත් දු දරුවන්ගේ සුන්දර ඡායාරුප පෙළක් දැකීමෙන් වර්ජනය පිළිබද දරදඩු අදහස් සියල්ල අපහට අමතකවිය. මක්නිසාදයත් අපගේ ඒ සුන්දර පාසල් අවදිය මතකයට නැගීම හා දරුවන්ගේ අව්‍යජ්ජ මුහුණු දැකගැනීමට හැකිවීමය.

:       1       34

Raveendra Wednesday, 26 February 2020 05:44 AM

මතකය දිව්වේ නිවාසාන්තර සරඹ වැරදුනු හැටි........අදටත් හිනා සුන්දර ඒ අතීතය නැගුනත් හිතට.....

:       0       19

rana Wednesday, 26 February 2020 07:32 AM

අපේ කාලේ මෙහෙම තිබ්බේ නෑනේ. තිබ්බනම් මරුනේ.

:       0       41

vidya Wednesday, 26 February 2020 07:45 AM

මගේ පව්ලෙත් දුෂ්කර පළාත්වල ගුරුවරියන් දෙන්නෙක් ඉන්නව මේ දෙන්න විඳින දුක. නා ගන්න පිරිසිදු වතුර නැහැ. බොන්න පිරිසිදු වතුර නැහැ. එක්කෙනෙක් උදේට කිලෝ මීටර්100ක් පමණ බස් දෙකක හිහිල්ල උගන්නන්ට යනවා. පඩියෙන් භාගයක් පමණ දුක්පත් ළමුන්ට පෑන් පන්සල් පොත් අරන් දෙන්න වියදම් කරනවා. හවසට ඇවිල්ල හිසේ කැක්කුම කියල නිදා ගන්නවා. ආයෙත් උදේට 4.00 ට නැගිටලා 5 හට බස් එකට දුවනවා. අහිංසක දරුවොත් දුක් විඳිනවා ගුරුවරුත් දුක් විඳිනවා. මට ලැබෙන විශ්‍රාම වැටුපත් එකට වියදම් වෙනවා නොයෙක් දේවල් අරන් දීලා. කොළඹ ලොකු ඉස්කොලවල් තට්ටු 10 , 12 ගොඩනැගිලි හදනවා, ටැබ් දෙන්න හදනවා. කොහොමද ඉතින් පාර්ලිමේන්තුවට ඇවිත් කුණුහරුප කියන අයට මොළයක් තියනවද කියලද ?

:       0       113

RaveendraThursday, 27 February 2020 11:02 AM

ඔබ විසින් දුෂ්කර ප්‍රදේශවල ගුරුවරුන් මෙන්ම දරුවන් විඳින දුක පිළිබඳව නියම යථාර්ථය වචන කීපයකට ගොනුකර සඳහන් කිරීම අප අගයන්නෙමු. ඇත්තෙන්ම මෙය තමයි අප රටේ සිද්දවෙන්නේ... ප්‍රධාන නගරවලට උපරිම පහසුකම් මෙන්ම ගුරුවරුන්ද ඒ ඒ අදාළ දේශපාලුවන්ගේ අනුහසින් නගරවල ඉන්න බවත් දුෂ්කර සේවයේ යෙදෙන ගුරුවරුන් ස්ථාන මාරුවීම් ගැනීමේදීද නොයෙකුත් බාධකවට මුහුණදෙන බව අපද අසා ඇත. කෙසේවෙතත් අපගේ අනාගත පරපුර යහමගට ගෙනයාමට ඍජුවම දායකත්වයක් දක්වන අවංක ගුරුවරුන් ඉදිරි අනාගතයේදී බිහිවේද යන්නත් ඉතාමත්ම සැක සහිතයි.

:       0       7

Hafeel Wednesday, 26 February 2020 07:52 AM

මේ රටේ පක්ෂ පාට ජාතිබේදයෙන් තොරව, කිසිම ප්‍රශ්නයක්, දුකක්, දුප්පත්කම්, අඩුපාඩු නැති එකම පිරිස දේශපාලකයෝ. ඔවුන් කවදාවත් වර්ජනවලට යන්නේ නැහැ.

:       0       58

RaveendraWednesday, 26 February 2020 10:55 AM

නමුත් දේශපාලුවන් බලය ලැබුනට පසුව තම තමන්ගේ ගම බිම් බලා යන එක හොදින්ම වර්ජනය කරලනේ තියෙන්නේ.

:       0       0

නෙවිල් Wednesday, 26 February 2020 10:18 AM

මේක මාර වැඩක් නේ. ලෙඩ නිවාඩු කියන්නේ පඩිත් අරගෙන වර්ජනය කරන එකනේ. මේවා සහගහන අපරාධ.

:       24       4

sampath Wednesday, 26 February 2020 12:13 PM

වැටුප් බලන් ගුරුවෘත්තියටයි, වෙදකමටයි, හමුදාවටයි යන්න එපා... තමුන්ට වැඩි වැටුප් ඕනෙනම් පුද්ගලික අංශයේ රැකියා තෝරාගන්න. මේ රටේ අනාගතය එක්ක සූදු ඔට්ටුවට තියලා පුහු වර්ජන කළාට දෙන්නේ නෑ.. මොකද ළමයින් ඉගෙන ගන්නේ පුද්ගලික පන්තිවලින්.. අවුරුද්දක් පාසල් වැහුවත් කිසිම හානියක් වෙන්නේ නෑ.. දෙමාපියන් හැර අපි වඳින්නේ ගුරුවරුන්ට විතරයි.

:       25       6

vijayakumara Wednesday, 26 February 2020 12:16 PM

17 වැනි පිංතූරේ ඉන්න නර්ස් නෝනාට දැන් තේරෙනවා අැති ඒ ගොල්ලෝ නිවාඩු දාපු වේලාවේ මහජනයා විඳපු දුක...

:       77       24

chandima Wednesday, 26 February 2020 01:24 PM

දවස පුරාම ළමයින්ට ගිරිය කඩාගෙන කෑගහලා අමාරු නිසා දවසක් විවේක ගත්තට වරදක් නැහැ. එ්ත් මේ ලෝකේ පුරා ලෙඩ රෝග හැදීගෙන එන වෙලාවේ නිවාඩු ටික ඉවර කරගෙන කොහොමද?

:       0       1

Pradeep Wednesday, 26 February 2020 01:30 PM

අපිට හිතු හිතු හැටියට ලෙඩ නිවාඩු ලබා ගන්න පුලුවන්ද..? වෛද්‍ය වාර්තා අවශ්‍ය නැද්ද..? අදාළ ආයතනයේ නිලධාරියෙකු එම නිවාඩු අනුමත කළයුතු නැද්ද..? ඒවා නැත්නම් වැටුප් රහිත නිවාඩු ලෙසයි සලකන්න ඕනෑ. පෞද්ගලික අංශයේ ඉන්න අපිට නිවාඩුවක් ගන්න ගියාම තියන ප්‍රශ්න තමයි ඕවා.... එකම රටක රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ පවතින වෙනස. අනික රාජ්‍ය අංශයේ අයට ලැබෙන නොයෙකුත් වරප්‍රසාද අහිමි, වැඩ කිරීම පමණක් උරුම පෞද්ගලික අංශයේ අපගේ ජීවිත...

:       32       12

Siri Wednesday, 26 February 2020 07:54 PM

මෙහෙමත් මෝඩ දෙමව්පියන්ද ලංකාවේ ඉන්නේ? ගුරුවරු නේන බව දැන දැන ළමයි ඉස්කෝලේ එවන්නේ?

:       55       1

Lokka Friday, 28 February 2020 06:11 AM

ගෝඨාට ජයවේවා...!

:       8       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 208 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 62 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 756 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site