IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


රටම කැළඹූ තෙල් හිඟය

( ඩයනා උදයංගනී සහ යොහාන් භාසුර)

මේ දිනවල පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නොමැතිව වසා තිබූ අතර විවෘතව තිබූ ඉන්ධන පිරිවුම්හල් අසල ද ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිම් දක්නට ලැබිණි.  

බොහෝ ඉන්ධන අලෙවිසැල්වල ‘ඩීසල් නැත’ යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කර තිබූ අතර, ඇතැම් ඒවායේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ද නොතිබිණි.

මීට අමතරව බොහෝ ඉන්ධන පිරවුම්හල්වල භූමිතෙල් ද නොතිබිණි.

මේ හේතුවෙන් ඩීසල් වාහන හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව සිටි අතර ඇතැමුන්ට ඉන්ධන පිරවුම්හල් ගණනාවකට ගියත් ඉන්ධන ලබාගැනීමට නොහැකිව හිස්අතින්ම ආපසු යන්නට සිදුවූ අවස්ථා ද වාර්තා වේ.

ඇතැමුන්ට පැය ගණනක් තිස්සේ ඉන්ධන පෝලිම්වල රැඳී සිටින්නට සිදුව තිබිණි.

ඒ හේතුවෙන් බොහෝ දෙනෙකුගේ දෛනික කටයුතු සඳහා බාධා එල්ල වූ අතර ඇතැම් වාහන ඉන්ධන නොමැතිව අතරමග නැවතුණු බවට ද වාර්තා විය.

ඇතැම් වාහන හිමියන් වාහන මග නැවතීම හේතුවෙන් ඉන්ධන රැගෙනයාමට භාජන ද රැගෙන ඉන්ධනහල් අසල පෝලිම්වල රැඳී සිටිනු ද දක්නට ලැබිණි. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

නුගේගොඩ නගරය

තිඹිරිගස්යාය 


(ඡායාරූප: කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල නගරයේ



අදහස් (2)

රටම කැළඹූ තෙල් හිඟය

Bamunuarachchi Wednesday, 23 February 2022 06:06 PM

වාහන වැඩිකම නිසා තෙල් පෝලිම් තිබුණට, රටේ කිසිම තෙල් සහ ඩොලර් හිඟයක් නැහැ.

:       38       26

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 24 February 2022 11:40 AM

ඇමති කොයි වෙලාවෙත් කියවන්නේ පෙට්‍රල්, ඩීසල් මිල වැඩිකරනා බවයි. වැඩිකරන එක කල්තියා නිතර පැවසීම නිසා, ඉන්ධනහල් හිමියන් විසින් ඉන්ධන හාංගා ගනු ලබනවා. එකවර තෙල් හිඟයක් ඇතිවීමට මෙය දැඩි සේ බලපානවා. මිල ඉහළ ගිය විගස තෙල් හිගයක් නැත්තේ සැඟවූ තෙල් තොග එළියට එන නිසා. ඒ නිසා තෙල්මිල වැඩිවීමෙන් එහි විශාල ලාභයක් යන්නේ රජයට නොව පිටස්තර අයට. මේ සඟවා තබන තෙල් තොග වැටලීමට රජයට නොහැකි වනුයේ මන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site