IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


රජාවෙල ගොවිහූ විරෝධතාවක

(ඉන්දික අරුණ කුමාර)

මොරගහකන්ද ජලාශයට යටවන නාඋල කොන්ගහවෙල ග‍්‍රාම නිලධාරී වසමේ රජාවෙල ගම්මානයේ පවුල් 321කට අයත් ගොවීහු පිරිසක් කරුණු කිහිපයක් මුල් කරගනිමින් නාඋල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය අසල දී අද (12) විරෝධතාවක් කළහ.

සිය ඉඩම්වලට සරිලන වන්දි මුදලක් ලබානොදීම හා අඳගොවින්ගේ සහ සින්නක්කර කුඹුරු හිමිකරුවන්ගේ ඉඩම් සඳහා මේ වන තෙක් විකල්ප ඉඩම් ලබානොදීම යන කරුණු මුල්කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්විණි.
මොරගහකන්ද ජන අයිතීන් සුරැකීමේ සංවිධානය සහ නාඋල ජන අයීතින් සුරැකීමේ සංවිධානය මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිනි.

මේ හේතුවෙන් මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ රථ වාහන ගමනාගමනය එක් මංතීරූවකට සීමා විය.

පැයක් පමණ පැවති මෙම විරෝධතාව අතරට දඹුල්ල සහකාර පොලිස් අධිකාරි ගාමිණි මීගහකුඹුර  මහතා පැමිණි අතර පසුව ඔහුගේ මැදිහත්වීම යටතේ මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඞී.බී. විජේරත්න මහතා ද පැමිණියේය. ඉන්පසුව මේ සම්බන්ධයෙන් නාඋල ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්විණි.

එහිදි උද්ඝෝෂකයින් පැවසුවේ මොරගහකන්ද ජලාශය ඉදිවීම පිළිබඳ තමන්ට ගැටළුවක් නොමැති බවත් ජලාශයට යටවන පුද්ගලයින්ගේ ඉඩම්වලට සාධාරණය ඉටුවිය යුතු බවත් ය.

මෙම ගැටළුව සම්බන්ධයෙන් ලබන 22 වැනිදාට පෙර මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් හා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවට දුන් පොරොන්දුවකින් අනතුරුව උද්ඝෝෂණය අවසන් කෙරිණ.

අනතුරුව මොරහකන්ද ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඞී.බී.විජේරත්න මහතාගේ අත්සනින් යුතු ලිපියක් ද උද්ඝෝෂකයින්ට ලබාදෙන ලදී.

කෙසේ වෙතත් ලිපිය භාරදීමෙන් පසු උද්ඝෝෂකයින් පැවසුවේ මෙම ලිපිය ද හුදු ලියවිල්ලක් පමණක් වුවහොත් ඉදිරියේ දී දැවැන්ත උද්ඝෝෂණයක් කරන බවයි.
 



අදහස් (1)

රජාවෙල ගොවිහූ විරෝධතාවක

RD Tuesday, 12 December 2017 02:53 PM

හරි කොමිටියක් දාමු දැන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 400 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 112 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 796 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site