
(යොහාන් භාසුර)
ජාතික ආහාර සුරක්ෂිතතාවට දායකත්වය ලබාදෙමින්, යල කන්නයේ නෙළාගත් සහල් සහ අනෙකුත් ධාන්‍ය අස්වැන්නේ අග්‍රඵලය දළදා වහන්සේට පූජා කිරීමෙන් කෘතවේදිත්වය පළ කිරීම සහ ඊළග කන්නය සාර්ථක කරගැනීම උදෙසා දළදා වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ‘සිරි දළදා යල් අස්වනු පූජාව’ පසුගියදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විණි.
වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පූජාව පැවැත්විණි.
අළුයම් කාලයේ සතර මහා දේවාල මුරුතැන් පූජාවෙන් අනතුරුව දළදා සමිඳුන් උදෙසා කිරි ආහාර පූජාවක් පවත්වා අළුත් සහල්, ධාන්‍ය සහ රන් වී කරල් රැගත් ගොවීන් උඩ මහල වෙත ගොස් දළදා සමිදුන් ඉදිරියේදී අලුත් සහල් පූජාව පවත්වා මහා සංඝරත්නය වෙනුවෙන් දහවල් දානය පිළිගැන්වීය.
එමෙන්ම ශාන්ත අන්තෝනි දෙව් මැදුරට, මීරා මක්කම් පල්ලියට, පුල්ලෙයාර් කෝවිලට ද අලුත් සහල් සහ අනෙකුත් ධාන්‍ය පූජා කර ඒ ඒ ආගමික වතාවත් ඉටුකළේය.
ඈත අතීතතයේ සිට පැවත එන යල් කන්නයේ අස්වැන්නේ අග්‍රඵලය දළදා සමිඳුන්ට පුජා කිරීමේ සෙත්කම සිහිපත් කරමින් මෙම යල් අස්වනු පූජාව පැවැත්විණි.
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති, මහනුවර අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරාධිපති වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා මැද සිදුකල මෙම පුණ්‍යකර්මය සදහා ආදිවාසී නායක උරුවරිගේ වන්නිල ඇත්තෝ, වාරිමාර්ග අමාත්‍යශයේ ලේකම් චන්දන ජයලාල්, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල සහ ගොවි සංවිධාන 894 ක ගොවි මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.




2025 දෙසැම්බර් මස 18
204
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යල කන්නයේ අස්වැන්න දළදා සමිඳුන්ට පූජා කරයි