IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


යාපන සරසවි සිසුහු කළු කොටි දිනය සමරති

රොමේෂ් මධුෂංඛ 

ජුලි 5 වැනි දාට යෙදී ඇතැයි සැළකෙන කළු කොටි දිනය වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් ද ඊයේ (5) රාත්‍රීයේ කළු කොටි දිනය සමරා පහන් දැල්වීමට පියවර ගෙන තිබිණි.


යාපනය විශ්ව විද්‍යාලයේ යුද්ධයෙන් මියගිය වැසියන් වෙනුවෙන් ඉදිකර ඇති ස්මාර්කය අසලදී සිසුන් පිරිසක් විසින් රහසිගතව රාත්‍රීයේ සරසවියේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවේදී මෙම කළු කොටි දින සැමරුම සමරා ඇති බවට යාපනය පොලීසිය පවසයි.


1987 වසරේ ජුලි 5 වැනි දා යාපනය නෙල්ලියඩි ප්‍රදේශයේ දී පිහිටි යුද හමුදා කඳවුරක් වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේදී මිය ගිය කැප්ටන් මිල්ලර් නොහොත් වල්ලිපුරම් වසන්තන්ගේ මියයාම වෙනුවෙන් එම වසරේ සිට යුද්ධය අවසන් වන තුරු සෑම වසරකම සිහිකිරීමේ උත්සව පවත්වනු ලැබීය.

කළු කොටි දිනය ගැන වැඩි විස්තර නැරඹීමට පිවිසෙන්න

https://tinyurl.com/ybq38oxb



අදහස් (22)

යාපන සරසවි සිසුහු කළු කොටි දිනය සමරති

KANDEPOLA Friday, 06 July 2018 05:17 AM

අනේ ඔය ළමයි ටිකක් එහෙම කළා කියලා මක් වෙනවද හිටන්. අපි අපිනේ.

:       167       205

සජීව Friday, 06 July 2018 06:17 AM

දකුණේ ඇතැමුන් විජේවීර සමරනවා නං උතුරේ අයට මේ අයව සමරන්න ඇති බාධාව මොකක්ද? දෙගොල්ලොම එක වගේ වැඩනේ කරේ.

:       1753       914

lalithsjm Friday, 06 July 2018 06:42 AM

නියමයි....පලු ගෙවල් වල කාට වලන් බිදින්න බැරිද ??

:       0       103

Hafeel Friday, 06 July 2018 08:26 AM

නියපොත්තෙන් කඩන එක බයි පාස් කරන තරමට බලං ඉන්න හොඳ නැහැ. 1981 දී පළමුවරට කොටින් විසින් එක් හමුදා සාමාජිකයකු මරා දාපු මොහොතේ, කොටි සාමාජිකයෝ 9 දෙනක් පමණයිලු හිටියේ. ඒ මොහොතේ ඉහළ හමුදා නිලධාරියකු යෝජනා කළාලු එ් 9 දෙනාම නැත්තටම නැතිකරන්න. එවකට හිටපු බලධාරීන් අසමත්ව, අවසර නොදීම නිසා, 2009 වෙනකං කොතරම් විනාශයට රටක් හැටියට අපිට මුහුණ දෙන්න සිද්ධ වුනා.

:       57       858

BamunuarachchiFriday, 06 July 2018 12:13 PM

ඒ නිවටයෝම නේද දැනුත් අහක බලාගෙන ඉන්නේ..?

:       55       370

සුජීව Friday, 06 July 2018 09:16 AM

කෝ අපේ රටේ ආණ්ඩුව. නිදිද? ත්‍රස්තවාදය සමරන්න තහනම් නැද්ද?

:       14       313

නලින් Friday, 06 July 2018 10:07 AM

මේ සමරලා තියෙන්නේ කලු කොටි දිනේ.., කලු කොටි කියන්නේ මරාගෙන මැරිලා බෝම්බවලින් අහිංසක මිනිස්සු මරපු අය.., අපේ රටේ දැන් ආණ්ඩුවක් නැහැනේ..

:       13       483

nalin Friday, 06 July 2018 10:14 AM

ඔයාලගේ කොමෙන්ට්ස් වලට ලයික් සහ ඩිස්ලයික්.., ඒ බැටන් එක ඕනෑතරම් ගන්න. එක්කෙනෙක්ට ගොඩක් දාන්න පුළුවන්...

:       633       56

RNG Friday, 06 July 2018 10:18 AM

සජීව, ජේ.වී.පී එකයි, එල්.ටී.ටී. එකයි වැඩ අතින් සමාන කළාට ඒ දෙකේ අරමුණු අතින් ගත්තම සම්පූර්ණ වෙනස් සංවිධාන දෙකක් කියලා හැමෝම දන්නවා.. ජේ.වී.පී එක කියන්නේ ත්‍රස්ත සංවිධානයක් නෙවෙයි. නමුත් එල්.ටී.ටී.ය කියන්නේ තහනම් ත්‍රස්ත සංවිධානයක්.. ඒ වගේ තහනම් ත්‍රස්ත සංවිධානයක් සැමරීම නීතියෙන් තහනම් දෙයක් ...

:       340       579

HarindraSunday, 08 July 2018 06:15 AM

ජේ.වී.පී එක කියන්නේ ත්‍රස්ත සංවිධානයක් නෙවෙයි!

:       52       30

RNG Sunday, 08 July 2018 06:24 PM

ඔබට නොතේරුණාට හෝ නොපෙනුනාට මං කිව්වෙත් ඒකම තමයි ..

:       0       18

saman Friday, 06 July 2018 10:31 AM

දකුණේ ළමයි විජේවීර සමරුවට විශ්වවිද්‍යාලයෙන් පිට වුණාට පස්සේ, සැමරුම් ගැන පැත්ත හැරිලා බලන්නේ නැහැ.

:       14       325

චන්දා Friday, 06 July 2018 11:06 AM

යම් සිදුවීමක සිදුවීම කුමද්ද? එ සම්බන්ධව අතීත සිදුවීම කුමක්ද? ඉදිරි දිශානතිය කුමක්ද? යන්න හරියට කියවා ගන්න බැරි වැඩි ජන පිරිසක් ඇති රටකට දෙයියන්ගේම පිහිටයි.

:       175       66

Bandara Friday, 06 July 2018 01:21 PM

ඔය සජීව කියන්නේ අර සියඹලාණ්ඩුවේ ජේවීපී.. සජීවද?

:       1       14

surath Friday, 06 July 2018 06:06 PM

දැන් ඉන්නේ ත්‍රස්තවාදය නැවත ඉල්ලන ආණ්ඩුවක්... ඔහොම යමුකෝ..

:       9       368

Chandima Saturday, 07 July 2018 01:39 AM

කොටි සංවිධානය යනු රට බෙදා ඊලාම් රාජ්‍යය සාදා පසුව අකුනේ සිංහල මිනිසුන් සමුල ඝාතනයක් කරා ගෙනගොස් මුළු ලංකාවම අල්ලගන්න සැලසුම් කරපු ඉතා භයානක අරමුණක සිටි ම්ලේච්ච ත්‍රස්ත සංවිධානයක් බව ඔය මුලින් අදහස් දක්වපු දෙන්නට තේරිලා නැහැ.

:       22       249

gallage Saturday, 07 July 2018 03:44 AM

ලංකාවේ යාපනේ දමිළ කට්ටියට ඕනේ ඊළාම්, සිංහල අපි ඔලුවෙන් හිටගෙන පුනරුත්ථාපනය කළත්, ඒ ගොල්ලෝ සටන එහෙම්ම කරගෙන යනවා. සිංහල අපි අකමැති වුනාට... දෙමළ මිනිස්සු කියලා කී දෙනෙක් මරාගෙන මැරුණද? වරද සිංහල අපේද? දෙමළ ඒ ගොල්ලන්ගේද? එ්කට උත්තරය හොයා ගන්නකම්... විසඳුමක් නොමැත..

:       24       142

meena Saturday, 07 July 2018 03:04 PM

අායෙත් නම් යුද්ධයක් එපා.

:       5       34

nishan Sunday, 08 July 2018 01:39 AM

එහෙම කරලා හරි හිත්වල තියෙන පීඩනය සමනය වෙනවා නම් හොඳයි.

:       0       0

සෙනෙවි Sunday, 08 July 2018 01:49 AM

බහුතර දෙමළ ජනයා සාමයට කැමතිය. එහෙත් දෙමළ ජනතාව ලෙහෙසියෙන්ම රැවටිය හැක. ඒ බැව් කොටි කියන කියන ලෙස පෙළගැසීමෙන් පෙනී යයි. ගෝත්‍රවාදය යනු මිනිසා ශිෂ්ඨ වීමටත් පෙර සිට ජානගත වූ ලක්ෂණයකි. එය ලෙහෙසියෙන් ඉවත් කළ නොහැක. එසේ ඉවත් විය යුත්තේ ධ්‍යානගත සහ සිත හික්ම වූ අයට පමණි. අ‍පේ අවාසනාවට අපේ රටේ එවැනි ගති වැඩිපුරම පිහිටා ඇත්තේ සංඝ සමාජයටය. මෙම ප්‍රශ්නයට සාධාරණ ව්‍යවස්ථාමය විසඳුමක් දී ඇතිනම් මෙවැනි ක්‍රියාවන් හෙලාදැකීමට දෙමළ ජනයා පෙළඹෙනු ඇත. අවාසනාවට මා ඉහත කී කොටස දෙමළ ජනතාවට සාධාරණ විසඳුමක් දීමට ඉඳුරා විරුද්ධය. සිංහල ඡන්ද බලා නායකයෝද වැඩේ කල් මරති. මෙය විදේශ අත පෙවීම්වලට ඉඩලැබීමට හේතුවකි. පෙර රජය පැවතියත් මෙවැනි ක්‍රියා මෙහි කියන ආකාරයට ලෙයින්,යකඩින් විසඳිය නොහැක. එවැන්නක් කළොත් සිදුවන දෙය හොඳින් වටහාගත යුතුය. මේ 80 හෝ 90 දශකය නොවේ.

:       22       14

isurandi Sunday, 08 July 2018 04:07 AM

මෙතන සැමරුමට වැඩිය අති භයානකම දේ තමයි මේ හදවත් තුලින් වෛරය ඉස්මතුවීම.

:       22       32

ethara helaya Sunday, 08 July 2018 06:09 AM

අපේ රටට ඕනෑ කොන්ද කෙලින් තියාගෙන නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් රජයක්... එන්.ජී.ඕ. නඩේ කියන විදියට සහ විදේශ තානාපතිවරු පාලනය කරන රජයක් නොවේ.

:       83       99

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site