IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


යාපන පාසල් දැරියගේ ඝාතකයින්ට නීතිය ඉල්ලා විරෝධතාවයක්


 
රොමේෂ් මධුෂංඛ


යාපනය සුලිපුරම්හි ඝාතනය කෙරුණු 06 හැවිරිදි පාසල් දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන්ට උපරිම දඬුවම වූ මරණ දඬුවම ලබාදිය යුතු බව පවසමින් අද (3) මන්නාරම මාන්තෙයි නැගෙනහිර විරෝධතාවක් සංවිධානය කෙරිණි.


මාන්තෙයි නැගෙනහිර අරනේරි පාසලේ සිසු දැරියන් හා ප්‍රදේශවාසීන් එක්ව විරෝධතාව සංවිධානය කර තිබිණි.


මාන්තෙයි නැගෙනහිර පාණ්ඩියන්කුලම් එස්.ආර්.මන්සන්ධියේ සිට මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පාගමනක් ද සංවිධානය කෙරිණි.


විරෝධතාවයේ යෙදී සිටි පිරිස මෙසේ පැවසීය.


‘යාපනයේ ඝාතනයට ලක් වූ ශිවනේස්වරන් රෙජීනා දැරියත් පුන්කුඩතිව්හී විද්‍යා දැරියත් අකාලයේ මියගිය බවටත් විද්‍යා දැරියගේ ඝාතකයින්ට මරණ දඩුවම නියම වූ අයුරින් රෙජීනා දැරියගේ ඝාතකයින්ටද මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතු බවටත්ය.


එමෙන්ම රෙජීනා දැරියගේ නඩුව ද විද්‍යා දැරියගේ නඩුව මෙන් මහාධිකරණයට පවරා නඩු ඇසීම ඉක්මන් කර වරදකරුවන්ට නිසි දඬුවම් දීමට රජය පියවර ගත යුතු බවටද මෙහිදී විරෝධතාකරුවන් වැඩිදුරටත් කියා සිටියහ.



අදහස් (1)

යාපන පාසල් දැරියගේ ඝාතකයින්ට නීතිය ඉල්ලා විරෝධතාවයක්

sunanda Tuesday, 03 July 2018 07:45 AM

විජයකලා විද්‍යා ඝාතකයන්ව නිදහස් කෙරුවා මතකද? කණුවේ ගැට ගහල ඉන්නකොට?

:       0       168

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 364 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site