IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


යාපනයේ පවුල් 33000 කට නියඟයෙන් පීඩා

(රොමේෂ් මධුෂංඛ)

යාපනය දිස්ත්‍රීක්කයට බලපා ඇති දැඩි නියං තත්වය හේතුවෙන් පවුල් 33,000 කට අයත් පුද්ගලයින් 121,000 ක් දෙනාට පානීය ජලය ඇතුළු අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් ජලය නොමැති වීමෙන් දැඩි බලපෑමකට ලක්ව සිටින බවට යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා කියා සිටියේය.

යාපනය දිස්ත්‍රීක්කයට බලපා ඇති උණුසුම් කාලගුණික තත්වය පිළිබඳ විමසීමේදී යාපනය දිසාපති වරයා මේ බව සඳහන් කළේය.
යාපනය කයිට්ස්, මරදන්කේනි, කරෙයි නගර්, සංදිලිපායි, සංගත්තානෙයි, වේලනයි යන ප්‍රදේශයන් වෙතට නියං තත්වය දැඩිව බලපා ඇති බවටත් මේ වන විට ආපදා කලමනා කරන අමාත්‍යංශය මගින් එම වැසියන්ට අවශ්‍ය පහසුකම් යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය හරහා ලබා දීමට කටයුතු යොදා ඇති බවටයි.

මේ අතර යාපනය ප්‍රංකුඩතිව් හා මණඩතිව් යන ප්‍රදේශය්හි ජනතාවට පානීය ජලය නොමැතිව දැඩි පීඩාවන්ට පත්ව සිටින අතර ඔවුන්ට දිනකට අවශ්‍ය පානීය ජලය නොමැතිව මාර්ග අසල දිනය පුරා රැඳී සිටිමට සිදුව ඇති බවටද ප්‍රදේශයේ පිහිටි සියලුම ජලය පිහිටි ස්ථාන සිඳී ගොස් ඇති බවටද එම වැසියන් කියා සිටිති.

 



අදහස් (9)

යාපනයේ පවුල් 33000 කට නියඟයෙන් පීඩා

PA-RA Monday, 05 June 2017 06:55 AM

ඔව්... ඔව්... අනේ පව් අහිංසකයින් පීඩා විඳින කොට අපිට හෝස් ගාලා යනවා. දකුණේ අයට හෙන ගැහුවත් ලෝකය දන්නේ නැහැ, නීතියක් නැහැ, පොලිසියේ ඔක්කොම ගැහෙනවා, ඔක්කොම තෝරගෙන ඉන්නේ දකුණට... යාපනේ, අාරුගම්බේ, මඩකලපු, කාත්තන්කුඩි, පළාත් ඒ අයගේ රාජ්‍යයන්ලු... අර අහිංසක මුහුදු මහා විහාරේ ඉන්න හාමුදුරුවෝ තනියම ශක්තිමත්ව ඉන්නේ ලංකාවේ එකම සිංහලයා නිසාද?

:       88       573

Fox Monday, 05 June 2017 07:52 AM

දකුණත්, උතුරත් සිංහල - බෞද්ධ, මුස්ලිම්-ඉස්ලාම්, දෙමල-හින්දු, බර්ගර්- කතෝලික වගේ ඔක්කොම ජාති ආගම් අදහන්නේ එක ලේ ඇති මිනිස්සුමයි. යුද්දේ ඉවරයි. දැන් මිනිස්සු ඉන්නේ එක ජාතියක් වෛරයෙන් ඉන්නකොට අනික් ජාතියත් ඒ විදිහට ඉන්න එක විතරයි..

:       48       62

vipula Monday, 05 June 2017 10:05 AM

මේ රජය බලයට ඇවිල්ල කරන්න හිටිය සංවර්ධන වැඩ කටයුතු ඔක්කොම කඩාකප්පල් වෙනවා. මේ වගේ ව්‍යවසන එනකොට.... ජනාධිපතිතුමාට කරුණාකරලා නැවත වාහන ගන්න කතාකරන්න එපා.. කියන්න. මොකද එකපාරක් සාලාවේ ගින්නක් ආවා. තවපාරක් මිලිමීටර් 500 කට වඩා වැස්සා. තව මොනවා වෙයිද දන්නේ නැහැ...

:       102       13

adiri Monday, 05 June 2017 11:08 AM

පළාත් සභාව නිදාගෙනද ඉන්නේ? කොටි සමරනවද?

:       19       408

arschloch Monday, 05 June 2017 12:47 PM

දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයට එළවලු සහ පලතුරු කොහෙන්ද? වැහි වහින්න ඕනේ යාපනයටයි.

:       1       32

lalith Monday, 05 June 2017 03:13 PM

මෙහෙ එහෙම එන්න එපා. දාල යන්නත් එපා. නිජ භුමියනේ?

:       21       106

DILANKA Monday, 05 June 2017 05:19 PM

ලංකාවට මොකද මේ වෙලා තියෙන්නේ... ? උතුරේ නියඟය දකුණේ ගංවතුර...

:       0       0

sarath Monday, 05 June 2017 08:36 PM

ක්‍රෙඩිට් කාඩ් වලට අවශ්‍ය සෑම සුඛෝපභෝගී අත්‍යවශ්‍ය භාණ්ඩයක්ම මිලදී ගැනීමේ පහසුකම් සපයන්න. නොර්වේ වල ඉන්න නෑදෑයෝ බිල ගෙවනවා. බයවෙන්න දෙයක් නැහැ.

:       1       1

sandun Tuesday, 06 June 2017 06:01 AM

අර ගස් කපපු මහත්තුරු ඕවට වග කියන ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 341 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site