IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


යෝධ නිදිකුම්බා මධ්‍යම පළාත ගිලගැනීමට සැරසෙයි

( ඉන්දික අරුණ කුමාර)
මධ්‍යම පළාතේ සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන ‘‘මී මොසා පිග්රා ’’ යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන යෝධ නිදිකුඹ්බා ශාකය පරිසර පද්ධතියට දැඩි බාධාවක් එල්ල කරන බව පරිසර සංවිධාන පෙන්වා දෙයි.

ස්වභාවික ජල උල්පත්, කඩොලාන පද්ධති මෙන්ම ජාලාශ දක්වා ව්‍යාප්තව ඇති යෝධ නිදිකුම්බා ශාකය මේ වන විට මධ්‍යම පළාත ගිලගනිමින් පවතින බව මධ්‍යම පළාත් පරිසර සංවිධාන එකමුතුව කියයි. 

මේ වන විටත් මාතලේ බෝවතැන්න ජලාශය , නාලන්දා ජලාශය ආදී ප‍්‍රදේශවල අක්කර 6000 ක් පමණ යෝධ නිදිකුම්බා ශාකයේ ගොදුරු බවට පත්ව ඇතැයි පරිසරවේදී ප‍්‍රදීප් සමරවික‍්‍රම මහතා කියයි. මේ වන විට ඉදිකිරීම් අවසන් අදියරේ පවතින මොරගහකන්ද ජලාශය ආශ‍්‍රීතව ද මෙම ශාකය ව්‍යාප්තිය දක්නට ලැබෙන බවද හෙතෙම පවසයි.



අදහස් (10)

යෝධ නිදිකුම්බා මධ්‍යම පළාත ගිලගැනීමට සැරසෙයි

shan saudi Sunday, 14 May 2017 10:25 AM

අපේ රටේ පරිසරවේදීන් සංවිධාන තියෙන්නේ කෑගහන්නයි, පෙළපාලි යන්නයි විතරනේ... ඕවාට වඩා හොඳ නැතිද,.. ඒ ඒ ප්‍රදේශවල ජනතාව රැස්කරලා ඒ අයව දැනුවත් කරලා ශ්‍රමදානයක් මගින් ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේ වැවෙන යෝධ නිදිකුම්බා ශාකය පරිසර පද්ධතියෙන් ඉවත් කරන්න කටයුතු කළා නම් දේශපාලකයන්ට කඩේ යන්න, පෙළපාලි යන්න, උද්ඝෝෂණ කරන්න, ජනතාව රැස් කරන්න පුළුවන් නම් ඇයි රටේ මෙවන් දේකට ජනතාව රැස් කරලා මේ විනාසෙට එරෙහිවෙන්න කටයුතු නොකරන්නේ. මේක තමා අපේ රටට වෙලා තියන විනාසේ..

:       4       73

GayanSunday, 14 May 2017 11:24 AM

ඔබ ඔය කියන පරිසර සංවිධාන පෙළපාලි නොකර හිටියානම්... අද වෙනකොට නිදිකුම්බා කොහොම වැවුණත් කැලෑවක් නැහැ ලංකාවට... එහෙම වුණානම් ඇමතිවරු සේරම කැලෑ එළිපෙහෙළි කරලා දාන්නත් බැරි නැහැ... ඒ හින්දා විවේචන නොකර පුළුවන්නම් කැලෑ බේරගන්න ඔයත් එකතු වෙන්න. එහෙම බැරිනම් කරන කෙනෙකුටවත් කරන්න දීලා නිශ්ශබ්දව ඉන්න.

:       30       117

shan saudi Monday, 15 May 2017 04:15 AM

ගයාන් ඔබට තරහ යන්න ඇති... මොකද ඔබත් ඒ කණ්ඩායමේ කෙනෙක් නිසාවෙන් නමුත් ඔය කෑ ගහපු එක වෙලාවකවත් කැලේ කපන එකට වැඩක් වුණේ නෑ. මොකද කෑ ගහනකොට කපල ඉවරයි අතීතයේ ඔය එක සංවිධානයක් වත් තිබුණේ නෑ. නමුත් ඔය වගේ දේවල් කැලේ ඒ ප්‍රදේශවල ඉන්න ගොවි ජනතාව හා ගමේ ජනතාව මේවා හැදෙන්න පටන් අරන් ගොඩක් කල් වෙනවා. ඒ කළේම මේවා විනාශ කරන්න තිබුණ හැමදේම ආණ්ඩුවෙන් කරන්න ඕනේ කියල එකක් නෑ... ඔය කියන කෑ ගැහිලි ඇයි ඩෙංගු මදුරුවන් විනාශ කරන්න යොදන් නැත්තේ ඇයි දුම් ගහනකොට කෑගහන්නේ මොකද? මදුරුවන්ගේ ජීවිත මිනිසාගේ ජීවිතවලට අගය වැඩිද? මුහුදු මහ විහාරේ ඉඩම් කොල්ල කනවා ඔය සංවිධාන දැක්කද ? උතුරේ කැලේ විනාස කරනවා දැක්කද ?

:       1       17

ThushaSunday, 14 May 2017 12:30 PM

ශාන් සව්දිගේ අදහස මම ඉතාමත් අගය කරනවා.

:       6       48

sanath indika Sunday, 14 May 2017 11:57 AM

සහතික ඇත්ත සියයට දෙසීයක් එකයි... මේ සම්බන්ධයෙන් ... ශාන්

:       1       34

Thushara Sunday, 14 May 2017 01:38 PM

ඔයිට වඩා ප්‍රශ්න තියෙනවා උතුරු නැගෙනහිර .. අර අතිවිශාල අවුරුදු 250..300 පැරණ ගස් කපල රක්ෂිත වනාන්තර විනාශ කරලා ගිනි තියනවා.. ඔය කියන පරිසර සංවිධාන වලට ඒවා පෙන්නේ නැද්ද..?

:       0       4

Pradeep Liyanage Sunday, 14 May 2017 02:06 PM

මම අහල තියන ආකාරයට මෙම යෝධ නිදිකුම්බා ශාකය අපේ රටට පැමිණියේ මහවැලි සංවර්ධන යෝජනාක්‍රමය ක්‍රියාත්මක වෙන කාලයේදී ඉදිකිරීම් සඳහා ගෙන්වූ යන්ත්‍රෝපකරණ වල තැවරී පැමිණි බීජ වලින්ය. මේ සම්බන්ධව මිට කලකට පෙරත් පාරිසරික වේදීන් විසින් දැනුවත් කිරීම් කළත් කිසිවෙකුගේ අවධානය ඒ සදහා යොමු නොවුන අතර මේ වන විට තත්වය දරුණු අතට හැරී ඇත. මට හැඟෙන ආකාරයට සාමාන්‍ය ශ්‍රමදානයක් මගින් මෙය විනාශ කල නොහැක. මේ සදහා යම්කිසි අනුග්‍රහයක් සහ යන්ත්‍රෝපකරණද අවශ්‍ය වේ. එමෙන්ම කපා ඉවත් කරන ශාක කොටස් සියල්ලම පුළුස්සා දැමිය යුතුයි. නැතහොත් නැවතත් බිජ මගින් පැතිරිය හැකිය. එදා මේදා තුර ඉතිහාසයේ අපේ පාලකයන් පාරිසරික වේදීන්ගේ හඬට සවන් දුන් බවක් පෙනෙන්නට නැත. මීතොටමුල්ල ඛේදවාචකයත් එවැනි එක් අවස්ථාවකි.

:       0       25

sarath Monday, 15 May 2017 01:56 AM

මේ නිදිකුම්බා ශාකය විනාශ කරන එක හරිම අපහසුයි.කපල පුච්චලා දැම්මත් වැස්ස කාලෙට අයෙත් ලියලනවා .දැන් මහනුවර කුඹුරු වලත් තියෙනවා.

:       0       1

Sam Monday, 15 May 2017 09:59 AM

දැන් බලන්න. ඔයගොල්ලොත් කරන්නේ කතාකිරීම සහ රණ්ඩු කිරීම විතරනේ. එක්කෙනෙක්ට හොඳ කියනවා තවකෙනෙකුට නරක කියනවා මිසක් තමන්ගේ දායකත්වය කොහොමද කියලා කවුරුවත් කියන්නේ නැහැනේ. බලන්න ඔටාරා ගුණවර්ධන මෙනවිය ඔඩෙල් එක අතෑරලා පරිසරය සුරකින්න ප්‍රයෝගිකව මහන්සිවෙන හැටි... කරුණාකරලා ඔය ඔක්කොම නෝනලා මහත්වරු අර ඔඩෙල් නෝනට සහයෝගයක් දෙන්න අඩුම ගානේ.

:       2       2

roshanMonday, 15 May 2017 03:52 PM

ඔයාලා වගේ අය තමයි පෝස්ටර් ගහන දේශපාලකයින්ටත් ඡන්දෙ දෙන්නෙ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site