IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


‘යුක්තියේ යාත්‍රාව‘ රිය පෙරහර කොළඹදී

(සටහන - අංජුල මහික වීරරත්න)
(ඡායාරූප - ගයාන් අමරසේකර)

මහින්ද රාජපක්ෂට අගමැති ධුරයට ආරාධනා කිරීම ජනතාවගේ විශ්වාසය කඩාදමා යුක්තිය පරාජය කිරීමට ගත් පියවරක් බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (01) පැවැසීය.


ජනාධිපතිවරයා කටයුතු කළ යුත්තේ ජනතා පරමාධිපත්‍ය බලයට යටත්ව බව කී රනිල් වික්‍රමසිංහ මහතා ජනතා පරමාධිපත්‍ය බලයට පයින් ගසන අවස්ථාවලදී නිහඬව ඉන්නට සූදානම් නැතිබවද අවධාරණය කළේය.
මහජනතාවගේ පරමාධිපත්‍යබලය ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව බවද වික්‍රමසිංහ මහතාකීය.


ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් ක්‍රියාත්මක යුක්තියේ යාත්‍රාව රිය පෙරහරේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.


යුක්තියේ යාත්‍රාව රිය පෙරහර කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයෙන් අද පෙරවරුවේ ආරම්භ කෙරුණු අතර එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ධජය වනා සංඥාකිරීමෙන් පසු රිය පෙරහර ගමන් ඇරඹීය.



අදහස් (3)

‘යුක්තියේ යාත්‍රාව‘ රිය පෙරහර කොළඹදී

menna Saturday, 01 December 2018 10:24 AM

රට දෙකඩ කිරීමේ යාත්‍රාව.

:       0       1

Anjula Saturday, 01 December 2018 11:02 AM

අහෝ!!! අති උතුම් බුද්ධ ශාසනය විනාශ කරන්න ආපු අලුගෝසුවන් අවසානයෙදී ධර්ම චක්‍රය පෙරටු කරන් තමන්ගේ බඩ වඩා ගන්න කරන උත්සාහය. සැමදා විලි ලැජ්ජාවක් නැති යූ.එන්.පී. මී කුලයේ පක්ෂය...

:       0       2

susantha Sunday, 02 December 2018 08:24 AM

ආ දැන් තමයි බෞද්ධ කොඩි පිරිත් එහෙම මතක් වෙලා තියෙන්නේ. මේ වගේ අවස්ථාවාදී නායකයෙක්... ඔය මිනිස්සු පෙරහරේ යන කොහෙද දන්නේ නැහැ... හිටියේ කොටින්ට වන්දි දෙන ත්‍රස්තවාදයට අනුබල දෙන ලෙස හමුදා කඳවුරු අයින් කරන කොට, ශිවාජිලිංගම්ලාට රඟන්න ඉඩදීලා තියෙනකොට. අනේ මෙහෙමත් මිනිස්සු... පක්ෂ නෙමෙයි බොලව් වැදගත් රට හිතට ගනිල්ලා....

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site