IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මාළු මිරිස් වගාවෙන් ගොවියා කබළෙන් ලිපට

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

වනාතවිල්ලුව මොරපතාව ගම්මානයේ  අක්කර 5 ක භුමියක රුපියල් ලක්ෂ 12 ක් වියදම් කරමින් වගාකළ මාළු මිරිස් වගාවෙන් රුපියල් 12 ක් වත් ආදායමක් ලබා ගැනිමට නොහැකි බව මහා පරිමාණ වගාකරුවකු වන ඩි.අජිත් අප්පුහාමි මහතා පවසයි.

අජිත් අප්පුහාමි මහතා පවසන්නේ ඉතාමත් සරුසාර පෙළවක් වන වනාතවිල්ලුව මොරපතාව ගම්මානයේ මෙවර අක්කර 5 ක මාළු මිරිස් වගා කළ බවයි.

කාබනික පොහොර යොදා බිම් සැකසිම සිදු උවත් මාළු මිරිස් ගස් වර්ධනයට රසායනික පොහොර නොමැති විමත් මාළු මිරිස් ගස් වගාවට කුඩිත්තන්ගේ හානි හේතුවෙන්   කොරිඩෑ විම සිදුවු බවත් ඒ සදහා කෘමිනාශක සොයා ගැනිමට නොහැකි විමත් සමග වගාව සම්පුර්ණයෙන් වි ඇති බව වගාකරු පවසයි.

මේ පිළිබදව වැඩි දුරටත් අදහස් දැක්වු අජිත් අප්පුහාමි මහතා .

“ඇත්තටම මම වගා කරන්නේ කල්පිටියේ නමුත් මේ වනාතවිල්ලුවෙ මිළදි ගත්ත ඉඩමේ මාළු මිරිස් දැම්මේ සාරවත් පසක් නිසා , මේ වගාවට මේ වෙද්දි කුඩිත්තන්ගෙන් හානි වෙලා ගස් කොරිඩෑ වෙලා මේ සදහා යෙදිය යුතු කෘමිනාශක නොමැති විම නිසා අක්කර පහක මාළු මිරිස් වගාව සම්පුර්ණයෙන් විනාශ වෙලා.

වගාව මේ මට්ටමට ගෙන එන්න විතරක් රුපියල් ලක්ෂ 12 කට වැඩිය ගියා.

වල් අලින්ගෙන් වගාවන් ආරක්ෂා කරගන්න ඉඩම වටේ අලි අගල් අරින්න තවත් ලක්ෂ 5 ක් විතර වියදම් වුනා සේරම ගනන් බලපුහාම ලක්ෂ 17 ක් විතර වගාවට වියදම් කරලා මගේ මහන්සිය නැතුව. මෙච්චර වියදම් කරලාත් වගාවෙන් රුපියල් 12 ක් ගන්න බැරි තත්වයක් තිබෙන්නේ.

 



අදහස් (5)

මාළු මිරිස් වගාවෙන් ගොවියා කබළෙන් ලිපට

kamal Tuesday, 22 February 2022 12:31 PM

සර්ට කියන්න, මල්ලිගෙන් ඉල්ලලා පැඩුවට වන්දි ගෙවයි.

:       0       1

Sunil Tuesday, 22 February 2022 01:22 PM

මේ රජය තව වසර 3ක් පැවතුණොත් ලංකාවෙන් කෘෂිකර්මය චුතවෙයි...

:       0       1

පැරකුම් Tuesday, 22 February 2022 05:17 PM

හමුදා භටයින්ට නියෝග දෙන විදියට ගොවීන්ට නියෝග දුන්නාට වැඩක් නැති බව නැවතත් පෙනීගොස් ඇත...

:       0       2

fairoos Tuesday, 22 February 2022 05:57 PM

සර් ෆේල්...!

:       0       5

ajith Wednesday, 23 February 2022 12:45 AM

මාළු මිරිස් වගාවෙන් ගොවියා පමණක් නොව රටම කබළෙන් ලිපට...!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site