IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහා ගල්කුලක් බදුල්ල - කොළඹ දුම්රිය මාර්ගය වහයි

(විජේරත්න රත්නායක, චන්දන කුරුප්පුආරච්චි සහ පාලිත ආරියවංශ)

බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ දෙමෝදර රේල් ගැටයට ආසන්නව සිදුවූ නායයාමකින් අද (01) උදෑසන දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල විය.

බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද උදෑසන පිටත්වූ බදුල්ල කොළඹ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය අදාළ ස්ථානයට ළඟාවීමට සුළු මොහොතකට පෙර මෙම නායයාම සිදුවූ බව පැවසේ.

ඒ හේතුවෙන් දුම්රියට හානි නොවූවද එම ස්ථානයේ ගල් සහිත කඳුගැටයක් කපා සැකසුණු දෙබොක්කාවක් තුළින් දිවෙන දුම්රිය මාර්ගය ඉන් සම්පූර්ණයෙන් අවහිර විය. 

මෙම මාර්ග අවහිරතාවය ඉවත් කිරීමට දුම්රිය නඩත්තු අංශය කඩිනමින් කටයුතු ආරම්භ කරන ලද නමුත් නායයාමෙන් වැටුණු විශාල ගල්, බෝර දමා ඉවත් කළ යුතු බැවින් ඊට සැළකිය යුතු කාලයක් වැයවනු ඇතැයි දුම්රිය බලධාරීහු සඳහන් කළහ.


 

(ඡායාරූප: බදුල්ලේ පාලිත ආරියවංශ)



අදහස් (0)

මහා ගල්කුලක් බදුල්ල - කොළඹ දුම්රිය මාර්ගය වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site