(බිමල් ශ්‍යාමන් ජයසිංහ, විශ්ව ගැමුණු ප්‍රියංකර)
අධික වර්ෂාව සහිත තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 තුළ ජීවිත හා දේපළ හානි රැසක් සිදුවී අැතැයි කළුතර දිස්ත්‍රික් ලේකම් යූ.ඩී ජයලාල් මහතා පවසයි.
මින් වැඩිම හානිය බුලත්සිංහල ප්‍රදේශයට වී ඇතැයි ද ග්‍රාම සේවා වසම් වසම් 138 ක පවුල් 9210ක් පමණ අවතැන් වී ඇතැයි ද ඒ මහතා කියයි.
පාහියංගල කන්ද මේ වන විට නාය ගොස් ඇත. කොබවක කන්ද නායයාමෙන් 9 දෙනකු මියගොස් ඇති අතර අතුරුදන් වූ තවත් අය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. මේ අතර මතුගම, වලල්ලාවිට, බදුරලිය ආදී ප්‍රදේශ රැසක ජල ගැලීම් හා නායයාම් වාර්තාවේ.





(කොබවක කන්ද නායයාම / ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අගලවත්ත වේයන්ගල්ල මුස්ලිම් විද්‍යාලය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති අයුරු






(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වලල්ලාවිට පැවති තත්ත්වය




(ඡායාරූප-විශ්ව ගැමුණු ප්‍රියංකර)
2025 නොවැම්බර් මස 04
56
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2010
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහවැස්ස කළුතරත් සසළවයි
wije Friday, 26 May 2017 11:04 AM
පොසොන් පෝයට දන්සල් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම නොනාවරුනේ... මහත්වරුනේ.... දන්සල් දෙන්න වියදම් කරන මුදල් සහ වියලි ආහාර සියල්ල ගං වතුරෙන් නායයාම් වලින් අනාතවෙලා ඉන්න මිනිසුන්ට පරිත්‍යාග කරන්න. ආත්ම ගණනකට ඒ පිංකම ඇති. මොකද දන්සල් වලට කෑම කන්න එන කිසිම කෙනකුට ගෙවල්වල කෑම නැතුව එනවා නෙමෙයි. ගොඩක් අය දන්සල් වලින් කන්න එන්නේ විනෝදෙට... ඇත අතීතයේ ඉඳලාම අපි අසරණ වුනු අයට උදව් කරන ජාතියක්... ඒ නිසා අපි ඒ පරිත්‍යාග කරලා මුළු ලෝකෙටම පෙන්නමු... අපේ රටේ මිනිස්සුන්ගේ තියන මනුස්සකමේ වටිනාකම කොච්චරද කියලා....
Sujeewa Friday, 26 May 2017 11:59 AM
විජේ මහතා විසින් ඉහත දක්වා ඇති ඉල්ලීම ඉතාමත් කාලෝචිත වුවත් මානුෂිකවූත් අදහසකි. අප එය අගේ කල යුතුය. ඇමතිවරුන් සුඛෝපභෝගී කාර් මිලදී ගැනීම සදහා කරන නාස්තිය පිළිබදව පාඨකයන්ව දැනුවත් කිරීම පිළිබඳව ලංකාදීප පුවත්පතට බෙහෙවින් කෘතඥ වෙමි. දැන්වත්, ඇස් විවෘත වේයැයි අප බලාපොරොත්තු වෙමු.
saraSaturday, 27 May 2017 04:08 AM
හරියට හරි...., අපි හැමෝම එකතුවෙන්න ඕනේ මේ වෙලාවේ... පව් අසරණ මිනිස්සු ඉන්නේ දන්සල් වලට වෙන්කරපු දේවල් වගේම මැති, ඇමතිවරුන්ට හම්බවෙන පර්මිට් විකුනපු සල්ලි දැන් තමයි හොඳ දේකට යොදවන්න වෙලාව... මොකද බොරුවට පම්පෝරි ගහනවා අපි ජනතාව වෙනුවෙන් ඉන්නේ කියලා. දුප්පත් මිනිහගෙන් ලැබුණු පර්මිට් එක කෝටි ගණන්වලට විකුණලා සුරසැප විඳින මෙයාලා හිතන්නේ දේශපාලනයත් ෆිල්ම් එකක් කියලා රඟපාන එක තමයි කරන්නේ...
arschfikaa Friday, 26 May 2017 02:09 PM
විජේගේ අදහසනම් වටිනා එකකි.... නමුත් එ්ක මෙතනට එච්චරක්ම ගැලපෙන්නේ නැත. කාරණයනම්.. පොසොන්වලට දන්සල් දෙන්න බලාපොරෝත්තු වුණ අයත් තමන්ගේ අදහස මාරුකොරගෙන මෙයට උදව්කිරීමට පෙළඹෙනවා..