IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහවැලි එච් කලාපයේ අලුත් සහල් මංගල්‍යය අවුකන පිළිම වහන්සේ අභියසදී

(දයාරත්න ඇඹෝගම)
 
මහවැලි එච් කළාපයේ අලුත් සහල් මංගල්‍යය උතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්.පී ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අවුකන පිළිම වහන්සේ අභියසදී අද (25)  පැවැත්විණි.

 
මහවැලි එච් කළාපයේ ගොවි ගෙවිලියන් සාම්ප්‍රදායිකව වාර්ෂිකව පසුගිය මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොඉදුල් සහලින් කළාවැව් පාමුල පිහිටි අවුකන බුදුරුවට පූජා කිරීමේ පිංකම අවුකන විහාරාධිපති ශාස්‌ත්‍රවෙල්ලියේ ධම්මකීර්ති හිමියන්ගේ අනුශාසනා පරිදී මහවැලි එච් කළාපයේ කොට්ඨාශ කළමනාකරණ කාර්යාලය මගින් සංවිධානය කර තිබිණි.
 
මෙම අවස්ථාවට  අවුකන රාජ මහා විහාරාධිපති ශාස්‌ත්‍රවෙල්ලියේ ධම්මකීර්ති හිමියන්, මහවැලි එච් කළාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාර අයි.එම් උභය කළ්‍යාණ කුමාර මහතා ඇතුළු රාජ්‍යය නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයින් හා  ගොවි ගෙවිලියන් විශාල පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

මහවැලි එච් කලාපයේ අලුත් සහල් මංගල්‍යය අවුකන පිළිම වහන්සේ අභියසදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site