IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහනුවර හානියට පත් ආගමික සිද්ධස්ථාන වලට මූල්‍ය ප්‍රතිපාදන

(ළහිරු හර්ෂණ)
 
මහනුවර ඇතිවූ කලහකාරී සිදුවීම් අතරතුර හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය හා සංරක්ෂණය කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම අද (06) බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී සිදුකෙරිණි.

 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මෙම මූල්‍ය ප්‍රධාන සිදුකරනු ලැබීය.
 
ඒ අනූව අදාළ ප්‍රදේශයේ හානියට පත් බවට හදුනාගත් ආගමික සිද්ධස්ථාන 19ක් සඳහා රුපියල් ලක්ෂ 19ක මූල්‍ය පරිත්‍යාග  එහිදී සිදුකෙරිණි.
 
තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් , මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එකව සිටියහ.



අදහස් (4)

මහනුවර හානියට පත් ආගමික සිද්ධස්ථාන වලට මූල්‍ය ප්‍රතිපාදන

pradeep Friday, 06 April 2018 08:24 PM

මුලින්ම මැරුණේ කුමාරසිරි. දරු පවුලක් අනාතයි. ලෙඩින් වැටිලා හිටිය දෙමව්පියෝත් අනාථයි. ඒ ගොල්ලන්ට මොනවද රජයෙන් දුන්නේ? ඒ කට්ටියව දැන් මතක නැහැ. බෙදාපල්ලා තමන් කැමති අයට විතරක්...

:       691       773

sampath Saturday, 07 April 2018 09:33 AM

කුමාරසිරිගේ දරු පවුල වෙනුවෙන් මොනවද කලේ? ඒ දරුවන්ගේ අනාගතේ වෙනුවෙන් මේ අයගේ ඇස් ඇරෙන්නේ නැද්ද?

:       439       521

Tuan Saturday, 07 April 2018 10:49 AM

කුමාරසිරි මැරුණේ කොහොමද? කියන එකත් දැන් සැකයක්...මොකද ඒ පුද්ගලයා හුඟාක් ඒ ගමේ මුස්ලිම් මිනිස්සු එක්ක හිතවත්. අනික බීපු මිනිස්සු ගහලා කොහේ හරි අහල තියෙනවද? මැරෙනවා කියලා. සත්‍යය කවදා හරි පැමිණේ.

:       344       270

රොෂාන් Sunday, 08 April 2018 02:00 PM

ඔය දෙගොල්ලන්ටම යුධ අවිආයුධ ටිකක් ප්‍රදානය කළා නම් නේද වඩා ප්‍රයෝජනවත් වන්නේ? අනික මෙතන නැති වීරවරයින් කොච්චර තව පිට ඉන්නවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site