IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහනුවර පාලුවට ගිහින්

චමිල් රූපසිංහ
 
පැවැති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මහනුවරට පනවා තිබූ ඇදිරි නීතිය අද (08) පෙරවරු 10ට ඉවත් කර තිබුණද අද දිනය පුරා මහනුවර නගරය පාලු ස්වභාවයක් ගත්තේය.

 
ව්‍යාපාරික ස්ථාන රැසක් වසා තිබුණු අතර මහජනයා නගරයට පැමිණීමද ඉතා මන්දගාමී අයුරින් සිදුවිය. ඇදිරිනීතිය ඉවත් කළ පසුව සුළු පිරිසක් නගරයට පැමිණ සිටි අතර පොදු ප්‍රවාහන සේවාද මන්දගාමීව ක්‍රියාත්මක විය.
 
මහනුවර ඔරලෝසු කණුව අසල බස් නැවතුම හා ගුඩ්ෂෙඩ් බස් නැවතුමේ ලංගම බස් කිහිපයක් ගාල් කර තිබිණු අතර  දුර ගමන් සේවා සඳහා යම් බස් රථ ප්‍රමාණයක් යොදවා තිබුණු නමුත් මහනුවර හා ඒ අවට සුළු වශයෙන් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක  විය.
 
ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය හා ත්‍රිවිද හමුදාව ස්ථාන රැසක රැකවල්ලා සිටි අතර ඇදිරිනීතිය පැවැති අවස්ථාවේදී සුලු සිද්ධි කිහිපයක් වාර්තා වී තිබුණු නමුත් සමස්ථයක් වශයෙන් මහනුවර හා ඒ අවට ප්‍රදේශ සාමකාමී තත්ත්වයක් පැවතුණි.

 



අදහස් (3)

මහනුවර පාලුවට ගිහින්

Nimal Thursday, 08 March 2018 04:40 PM

දැන්වත් අපි රටක් හැටියට සත්‍ය තේරුම් ගෙන සියලු ජාතීන්, ආගම් අතර සහජීවනය සමගිය ඇති කරන්නට එකට එකතු වී ජීවත් වෙන්න ඉගෙන ගනිමු. අපගේ රට මෙවැනි අන්දමින් ප්‍රපාතයට යන්නට ඉඩ නොදී සැබෑ ශ්‍රී ලාංකීකයින් වශයෙන් සමගියෙන් සමාදානයෙන් කටයුතු කරන්න අධිෂ්ඨානය කරගනිමු. රටක් හැටියට අපි දුක් වින්දා ඇති. අපගේ ඉදිරි දියුණුව රඳා පවතින්නේ අපගේ සියලු ජාතින් අතර ඇති සමගිය එකමුතුකම මත පමණයි.

:       1       1

ටි. ඉන්දික Thursday, 08 March 2018 06:26 PM

තිරිසන්නු නිසා වෙනස් වූ අපේ අභිමානවත් මහනුවර

:       3       227

Athula Thursday, 08 March 2018 10:10 PM

ලංකාවේ මිනිසුන්ට සමාජ මා‍‍ධ්‍ය පහසුකම් ලබා දීම වඳුරන්ට දැලි පිහි ලබා දීම හා සමානයි.

:       2       154

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 99 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site