IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද

(චමිල් රුපසිංහ)

මහනුවර ‍ ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් අද (05) රාත්‍රී 7.02 ට ගමන් ආරම්භ විය.

මහනුවර ‍ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහරේ සදාතුක කරඩුව වැඩම කරන ලද්දේ කතරගම වාසනා හස්තියා මතිනි. දෑලේ ඇතුන් ලෙස  බුරුම රාජා,මියන්රාජා යන හස්ථින් ගමන් කළහ.

ප්‍රථම කුඹල් පෙරහරේ සධාතුක කරඬුව ඉන්දි රාජා හස්තියා මතින් වැඩම කිරීමට නියමිතව තිබුණද හදිසි තත්ත්වයක් හේතුවෙන් පසුව කතරගම වාසනා මතින් කරඬුව වැඩම කරනු ලැබීය.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර නැරඹීමට පෙර වසරවලදී මෙන්ම අති විශාල ජනතාවක් මහනුවරට පැමිණ සිටියහ.

පෙරහර දළදා වීදිය,ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් ගෙන ඉහළටවිත් ගෙවදීමට නියමිතය.

මෙවර ‍ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය සඳහා අලි ඇතුන් 75 ට අධික සංඛ්‍යාවක් සහභාගි වන බවත් දේශිය සංස්කෘතිය විදහාපාන නර්ථනයන් විශාල ප්‍රමාණයකින් ද සමන්විත බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැල මහතා පැවැසීය.

කුඹල් පෙරහර අගෝස්තු මස 09 දින දක්වා වීදී සංචාරය කිරීමෙන් අනතුරුව රන්දෝලි පෙරහර අගෝස්තු මස 10 සිට 14 දක්වා පුරාදින පහක් වීදී සංචාරය කිරීමට නියමිතය.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මෙම වසරේ ඇසල මහා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අගෝස්තු මස (14) රාත්‍රී වීදි සංචාරය කර (15) දින පැවැත්වෙන දහවල් පෙරහැර විදී සංචාරය කිරීමෙන් මෙවර ඇසළ මංගල්‍යයේ අවසානය සනිටුහන් වන බවද දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

 

 

 



අදහස් (0)

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site