(මහනුවර විශේෂ චමිල් රුපසිංහ)
මහනුවර ඓතිහාසික ඇසල පෙරහර මංගල්‍යයේ ප්‍රථම චාරිත්‍රය වන කප්සිටුවීමේ මංගල්‍යය සඳහා කප්රුක කැපීමේ මංගල්‍යය අද (11) අලුයම 5.34 යෙදුණු සුබ මොහොතින් මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා විසින් වන්නකු රාළ වෙත රිදී පොරව භාරදී අවසර ලබාදීමෙන් පසු මාවනැල්ල ඓතිහාසික අලුත් නුවර ශ්‍රි දැඩිමුණ්ඩ දේවාලයේදි සිදුවිය.
කපා ගත් කප මහනුවර ශ්‍රි විෂ්ණුදේවාලය දක්වා කප් වැඩවීම( “ කල්ප වෘක්ෂ පෙරහැර “ ) අද (11) උදැසන මාවනැල්ල ඓතිහාසික අලුත් නුවර ශ්‍රි දැඩිමුන්ඩ දේවාලයෙන් අරබා මහනුවර විෂ්ණුදේවාලය දක්වා ගමන් කිරීම ඇතුන් තිදෙනෙකු මගින් මාරුවෙන් මාරුවට සිදුකළ බව අලුත් නුවර දැඩිමුන්ඩ දේවාලයේ භාරකාර ධම්සිරි කරණාරත්න මහතා පැවැසිය.
“ කල්ප වෘක්ෂ පෙරහර “ චාරිත්‍රානුකූලව පෙරහැරක් මගින් මහනුවර දක්වා වැඩම කල අතර 2016 වසරේ සිට අඛණ්ඩව මහනුවර නගරය තෙක් පෙරහරකින් ගෙන යන බව මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේනද්‍ර රත්වත්තේ මහතා පැවැසිය.
පෙරසකස් කර ගත් “ කප “ මහනුවර ශ්‍රි විෂ්ණු දේවාලය දක්වා අලි ඇතුන්ගේපිටි ගෙන ඒම සිදුවිය එය “ කල්ප වෘක්ෂ පෙරහැර “නමින් එය හැදින්වේ.කපාගත් කප මහනුවර ශ්‍රි විෂ්ණු දේවාලයේ පල්ලේ දේවාලයට ගෙවදුනු කප පුද පූඡා පවත්වා ශ්‍රි විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේගේ උපදෙස් පරිදි අද (11) පස්වරු 4.22 කප දේවාල හතරටම බෙදා දිම සිදුවේ.
හෙට (12) අලුයම 6.02 ට යෙදුනු සුභ මොහොතින් සිව් මහදේවාල ප්‍රධාන කොට දේවාල භුමියෙහි කප් සිදුකරයි. මෙම කල්ප වෘක්ෂ පෙරහැර කප රැගත් පෙරහැර අලුත්නුවර, හිගුල, ගනේතැන්න, පහළ කඩුගන්නාව, කඩුගන්නාව, පිළිමතලාව, පේරාදෙණිය ඔස්සේ මහනුවරට ළඟාවී මහනුවර විෂ්ණු දේවාලය කරා කිලෝමීටර 26 ක් පමණ දුර ක් ඇතුන් තිදෙනෙකු මතින් වැඩම කෙරිණි.
“ කප් සිටුවීම “ චිරාගත චාරිත්‍රයකි. එම චාරිත්‍රය සදහා සියලු වගකීම් දරන්නේ සතර කෝරලයේ උරුමය සහිත මහා විෂ්ණු දේවාලයයි. එහිදී වඩා සැලකිය යුතු වැඩ කොටසක් අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලයෙන් ඉටු කරයි.
මෙම සංකේතාත්මක “ කප “ දෙවියන්ගේ පිහිට හා දෙවියන්ගේ ආකර්ශනය බලාපොරොත්තුවෙන් සිටුවිම විශේෂත්වයකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මහනුවර ඇසළ පෙරහරේ කප්රුක් මංගල්‍යය අද
Siri Saturday, 11 August 2018 09:25 PM
සාදු! සාදු! අද ඉදන්වත් ලංකාවට වෙලා තියන නස්පැත්තිය දුරුවේවා!
kumar (gulf) Sunday, 12 August 2018 07:51 AM
මේවායෙන් රටට මොන සෙතක් වෙනවද?
arschfikaaSunday, 12 August 2018 09:05 PM
කිසිම සෙතක් වෙන්නේ නැහැ කුමාර් (ගුල්ෆ්), මෙරටේ ඉන්න ආණ්ඩුවෙන් පඩිගන්නෝ විතරක්, හොඳට ජීවත්වෙනවාය. ඔබ වගේ මැදපෙරදිග රටකින් ගන්න පඩියවගේ හතර ගුණයක්, මේ ආණ්ඩුවේ අය ගන්නවා.