(ඡායාරූප - ළහිරු හර්ෂණ)
(ඡායාරූප - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳහා ආගමික වතාවත් අද (13) සවස මත්තේගොඩ සම්බුද්ධි වත්තේ පිහිටි ඔහුගේ නිවසේ දී පවුලේ ඥාතීන් ඇතුළු ගිහි පැවිදි සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
ගංගානාත් මහතා ජපානයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයකු සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයකු ලෙස කටයුතු කළේය.
මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා කෙටි කලක් රෝගාතුරව මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 11 වැනි දා අභාවප්‍රාප්ත විය.
පසුව ඔහුගේ දේහය මත්තේගොඩ සම්බුද්ධි වත්තේ අංක 240 /3/A හි පිහිටි, නිවසට ඊයේ (12) උදෑසන රැගෙන ආ අතර ,එම අවස්ථාවේ සිට ගිහි පැවිදි සම්භාවනීය අමුත්තන් රැසක් නිවසට පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වූහ.
ඒ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ ,හිටපු කථානායක කරූ ජයසූරිය ,තිස්ස අත්තනායක ,මංගල සමරවීර නලින් බණ්ඩාර ,පාඨලී චම්පික රණවක ,ගයන්ත කරුණාතිලක ,රංජිත් මද්දුම බණ්ඩාර ,ඇතුළු දේශපාලඥයින් කලාකරුවන් ,විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ,දෙස් විදෙස් තානාපති කාර්යාල නියෝජිතයින් විශාල පිරිසක් සිටියහ .
පිරිස පංච පංචශීලයේ පිහිටුවා මූලික ආගමික වතාවත් මත්තේගොඩ ශ්‍රී ජයසුමනාරාම විහාරාධිකරි,රාජකීය පණ්ඩිත ඇඹිලිපිටියේ චන්දානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදුකරනු ලැබීය.
කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංසභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ හා ජපානයේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සි ස්වාමීන් වහන්සේ පැවිදි අනුශාසනා පැවැත්වූහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මහාචාර්ය ධම්මික ගංගානාත් අවසන් ගමනේ
Karunarathna Gampola. Thursday, 13 August 2020 01:48 PM
මැතිතුමනි, ඔබතුමාගේ භවගමන ඉක්මණින් අවසන් වේවා...!!! ගෞතම බුද්ධ ශාසනයේ පවතින කාලයේම නිර්වාණය අවබෝධ වේවා..!!!
විජිත් Thursday, 13 August 2020 04:12 PM
සුබ ගමන් ගරු මහාචාර්ය තුමනි. දිව්‍යලෝකයේ ගිහිල්ලත් " පැණි වළලු " ගැන කතන්දර ගොඩක් කියලා ,තවත් පින් රැස්කරගෙන, තවත් ආත්මයක ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඇමතිතුමාවී, දැනට පුරන්වී ඇති අධ්‍යාපන ක්ෂේත්‍රය , ක්ෂේමභූමියක් කොට ..දහසක් සිසු සිසුවියන්ගේ නෙත් සිත් පාදා... ඒ පිනෙන්ම මෙතේ බුදුන් දැක නිවන්දකින්න ඔබට හේතු වසනාවේවා...!!!
සපුමල්.(Sapumal,SAPUMAL ) Friday, 14 August 2020 01:58 AM
මහ ඇදුරුතුමනි, වැඩිහිටි ශිෂ්‍යයෙකු ලෙස විශ්ව විද්‍යාලය තුළ ඔබතුමාගෙන් ශිල්ප උගත්තෙමු. එම ගුරු ගෞරවයට මෙසේ සටහනක් තැබීම කළ යුතුමයි. ඔබතුමාට නිවන් සුව ... !!!
විජිත් Friday, 14 August 2020 08:39 AM
සුබගමන් ගරු මහාචාර්යතුමනි. දිව්‍යලෝකයේ ගිහිල්ලා .. එහෙදීත් " පැණි වළලු" කතන්දර ගොඩක් කියලා තව තවත් පින් රැස්කරගෙන, ඊළඟ භවයේදී අායෙත් වතාවක් මේ රටේම ඉපදී අධ්‍යාපන අමති තුමාවී... දැනට පුරන්වී, වල් බිහිවී, විනාශ වී ඇති අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය, කෙම්බිමක් කොට රටේ වෙසෙන ලක්ෂ සංඛ්‍යාත සිසු සිසුවියන්ගේ නෙත්, සිත් පාදා. ඒ ලබන පිනෙන්ම මෙතේ බුදුන් දැක නිවන් දකින්නට ඔබට හේතුවාසනා වේවා..!!!
චමින්ද Tuesday, 18 August 2020 01:00 PM
මැතිඳුණි, ඉක්මණින්ම නැවත මනුලොව උපත ලබා මේ රටේ ජනතාවට ඇත්ත නැත්ත, හොඳ නරක පහදාදී සසරින් එතෙරවීමට සිතාගන්න.