IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මහාචාර්ය ඒකකය ගෙනියනවාට කුලියාපිටියේ විරෝධතා

(දිනේෂ් උපේන්ද්‍ර, නන්ද එස් ඒකනායක සහ  රවීන්ද්‍ර ප‍්‍රභාත් නෙත්තසිංහ )                          
    
කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට ලැබී ඇති මහාචාර්ය ඒකකය කුරුණෑගලට රැගෙනයාමට එරෙහිව සර්ව ආගමික නායකයින් පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයින් හා ප‍්‍රදේශවාසී ජනසහභාගීත්වයෙන් කුලියාපිටිය ශික්‍ෂණ රෝහල ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් කළහ.
අනතුරුව විරොධතාකරුවන් පාගමනින් කුලියාපිටිය නගර මධ්‍යට පැමිණ සිය විරෝධතාව සිදුකළහ.   

2019 වසරෙහිදී එම ඒකකයට මුල්ගල් පවා තබා ඇති අතර එම ඒකකය රැගෙන ඒමට කටයුතු කළ එවකට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාද අදාළ උද්ඝෝෂණයට එක්ව සිටියේය.

රුපියල් බිලියන 17ක් වෙන් කර බවත් ඊට මුදල් අමාත්‍යංශයෙන් අදාළ සියලු වියදම් අනුමත කරගත් බව පැවසීය.
කෝටි ගණනක් වැය  කරමින් තට්ටු නවයේ හා පහළවේ ගොඩනැගිළි සඳහා සියලු කටයුතු නිමකොට ලක්‍ෂ හතලිහක් වෙන කරමින් පාංශු පරීක්‍ෂාවන් පවා කළ බව ද හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේය

කුලියාපිටියට ලැබී ඇති සම්පත රැක දෙන්නැයි පක්ෂ බේදයකින් තොරව උද්ඝෝෂණයට එක් වූ  පිරිස රජයෙන් ඉල්ලා සිටියහ.

  
 

 



අදහස් (11)

මහාචාර්ය ඒකකය ගෙනියනවාට කුලියාපිටියේ විරෝධතා

Dayal Sunday, 18 July 2021 05:29 PM

කුරුණෑගලින් පාර්ලිමේන්තු ගිය අය හිතනවා ඇති සියලු දේ හම්බන්තොට ගෙනියනවා වගේ වයඹ පළාතේ තියෙන සියලුම දේ කුරුණෑගලට ගෙනියන්න ඕනෑ කියලා විනාශ කරන්න.

:       51       176

රමණී Sunday, 18 July 2021 05:32 PM

මෙය නියම ක්‍රමවේදයට අනුව කුලියාපිටියට අනුමත වුණු ඒකකයක් නම් කුරුණෑගලට ගෙනියන එක වැරදියි. අනික් අතට රටේ අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් රෝහලේ ඔය කොටස් තිබෙද්දී කුරුණෑගල එක විතරක් දිස්ත්‍රික් රෝහලේ නැතුව මූලික රෝහලක් වන කුලියාපිටියට ගත්තේ ඇයි? සියලු රෝහල් දියුණු කර යුතුයි. නමුත් මෙහි මුල අකිල විරාජ් තමන්ගේ ආසනයේ ඡන්ද පදනම වැඩිකරගන්න කුරුණෑගල රෝහලට ලැබීය යුතු දෙයක් තමන්ගේ ආසනයට ගන්න හදපු එකද?

:       122       195

Lakmal Sunday, 18 July 2021 06:16 PM

මහාචාර්ය ඒකකයක් කියන්නේ මෙඩිකල් ෆැකල්ටි එකක ඉතාමත් වැදගත් ඒකකයක්. ඒකට රෝගීන් ප්‍රමාණවත්ව ඉන්න ඕනි. කුරුණෑගල කියන්නේ විශාල රෝගීන් ප්‍රමාණයක් එන සියලු පහසුකම් තියෙන රෝහලක්. සුදුසුම තැන එතන. තමන්ගේ දේශපාලන අරමුණ වෙනුවෙන් ඒක කුලියාපිටියට ගත්ත අයට රිදිලා...

:       420       268

PolgahawelaSunday, 18 July 2021 08:43 PM

ඔය කියන වෛද්‍ය සිසුන්ලා හැමදාම කුරුණෑගලට ගෙනියන්නද? ඒ ළමයින්ගේ කාලය, මහන්සිය.. ඔය හිතන තරම් දොස්තර කෙනෙකුට බැහැ කරන්න. එයාලා ගොඩක් මහන්සිවෙලා වැඩ කරන්නේ... ඒ හින්දා මෙතැන තමයි තැන...

:       0       0

VithanaMonday, 19 July 2021 06:42 AM

නොදන්න කමද? වහල්කමද? දන්නේ නෑ. ශික්ෂණ රෝහලත්, වෛද්‍ය පීඨයත් තියෙන්නේ කුලියාපිටියේ නම් මහාචාර්ය ඒකකය විතරක් කුරුණෑගලට ගෙනියන්නේ ඇයි...?

:       0       1

සමන් Monday, 19 July 2021 07:56 AM

ඉතින් අනේ, ඕක කුලියාපිටියෙ පිහිටෙව්වම වෛද්‍ය විද්‍යාලයේ සිසු සිසුවියන්ටත් ලේසියි. මහාචාර්යවරුන්ටත් ලේසියි. කුරුණෑගල රස්තියාදු වෙන්න ඕනේ නැහැනේ. ලොකුම දේ තමයි කුලියාපිටිය රෝහල දියුණු වෙනවා. ඒකට ලෙඩ්ඩු එනවා... එවනවා. අවට පළාත්වල අයට කුරුණෑගලට යන්න ඕනේ නැහැ...

:       0       1

Polgahawela Sunday, 18 July 2021 08:45 PM

ඔයවගේම ඔබතුමා හප්පපු කාර් හදන තැනත් ළඟදීම විවෘත කරයි.

:       0       1

chandima Monday, 19 July 2021 01:38 AM

කවුද ගෙනියන්න කිව්වේ? ගෙනියන්න කියලා ඉල්ලුවා විතරයිනේ.. අනේ මන්දා අපේ හාමුදුරුවරුනුත් වළඳපු දානේ දිරවන්න මෙව්වට එනවද මන්දා..? තල් අත්තට බෙලි ගෙඩියක් වැටුණා වගේ...!

:       0       0

chandima Monday, 19 July 2021 01:43 AM

බේත් ටික විදලා රට අරින්න කළින් ඡන්ද ටිකක් කඩාගන්න දඟලන දැඟලිල්ලක් අම්මපා...!!!

:       0       0

Rohana Monday, 19 July 2021 09:50 AM

වෛද්‍ය පීඨයේ වැඩ වලටත් දේශපාලනය බලපැම් කරනවනම් රටට දෙවියන්ගෙම පිහිටයි

:       0       1

dhamneth Monday, 19 July 2021 12:07 PM

දැන් බලනන හැමදේම එකම ස්ථානයක පිහිටුවීමෙන් කොළඹ තියෙන තද බදය කිලෝමීටරයක් දුර යන්න පැය දෙක තුනක් යනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 682 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17820 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 756 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site