IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


මාස 6 කදී ශ්‍රීපාද අඩවියේ ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 10 ක් අතහරිති

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

මෙවර ශ්‍රීපාද වන්දනාව පැවති මාස 6 ක කාලය තුළ නල්ලතන්නිය - ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාව සදහා පැමිණි ලක්ෂ සංඛ්‍යාත දේශිය වන්දනාකරුවන් විසින් පරිසරයට මුදා හරින ලද දිරා නොයන ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 10 කට අධික ප්‍රමාණයක් අඹගමුව ප්‍රාදේශිය සභාවේ කසළ බැහැර කිරීමේ අංශය මගින් රැස් කරඇති බව එම ප්‍රාදේශිය සභාවේ නල්ලතන්නිය කසළ එක් රැස් කරන මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරී ඒ.ඩබ්. හේමන්ත මහතා පවසයි. 

නල්ලතන්නියේ සිට ශ්‍රීපාද මළුව දක්වා මෙම ප්ලාස්ටික් බෝතල් පරිසරයට මුදා හැර තිබූ බව පවසන හේමන්ත මහතා, මීළඟ ශ්‍රීපාද වන්දනා සමයේදී හෝ ශ්‍රීපාද පුදබිමේ වටිනා පරිසරයට දිරා නොයන ප්ලාස්ටික් බෝතල් ඇතුලු ඝණ අපද්‍රව්‍ය මුදා හැරීමෙන් වැළකී  පරිසර හිතකාමී අයුරින් වන්දනාවේ යෙදෙන ලෙස සමස්ත දේශීය වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටී. 

 



අදහස් (13)

මාස 6 කදී ශ්‍රීපාද අඩවියේ ප්ලාස්ටික් බෝතල් ලක්ෂ 10 ක් අතහරිති

susantha Monday, 15 May 2017 06:52 AM

ඔන්න ලාංකිකයින්ගේ සංස්කෘතිය, හැදියාව! පේනවා නේද?

:       0       69

samMonday, 15 May 2017 08:05 AM

කණගාටුවෙන් වුණත් පිළිගන්න වෙන ඇත්ත තත්වය ඒකයි. මා ජීවත් වන රටේ කුඩාම දරුවෙක් වුණත් ටොපියක් කාලා දවටනය දමන්න බින් එකක් නැතිනම් සාක්කුවේ දමාගන්නේ වැඩිහිටියනුත් එහෙම කරන නිසයි. ලංකාවේ එහෙම තත්වයක් මගේ ජීවිත කාලයේදී නම් දකින්න ලැබෙන්නේ නැහැ කියලා විශ්වාසයි.

:       0       65

ලසන්ත Monday, 15 May 2017 09:33 AM

ලෝකය පිළිබඳ සහනශීලී ලෙස සිතන, ආකල්ප වෙනස් කළයුත්තේ, වෙනස් කළහැක්කේ පාසැල්, උසස් අධ්‍යාපන හා දහම් ආයතන තුළිනි. මේවායේ වෘත්තිකයන් බිහිකිරීමට කටයුතු කෙරුණත් ගුණවත් මිනිසුන් බිහිකිරීමට වැඩපිළිවෙලක් නැත.

:       0       38

abaranMonday, 15 May 2017 11:48 AM

ඔන්න මලේ කාලෙකින් ඉඳලා ඉඳලා යාන්තම් ඇත්තක් ඇහුවා......

:       2       1

suranga p Monday, 15 May 2017 10:12 AM

මේකේ වැරැද්ද අපේ අධ්‍යාපන ක්‍රමයයි. මොන්ටිසෝරියේ ඉඳල පොඩි අය‍ට මේවා හුරු නොකළ නිසා දැන් ඒවායේ ප්‍රතිඵල තමයි මේ අපි භුක්ති විඳින්නේ..

:       0       18

sarath Monday, 15 May 2017 11:22 AM

1980 හා 1990 දශකවල බස්වල සිගරට් බොන එක නැවැත්තුව වගේ මේවත් නැවත්විය හැකියි. ආණ්ඩුවට හා පාලකයින්ට උනන්දුව තියෙන්න ඕනේ. මිනිස්සුන්ව දැනුවත් කරන්න. ඉස්සර බීම තිබුනේ විදුරු බෝතල් වල ඒවා නැවත නැවත භාවිතා වුනා දැන් සත පනහට ප්ලාස්ටික් බෝතල් ලැබෙන නිසා බීම හදන කොම්පැනි වලට කිසි වගකීමක් නැහැ.වගකීමක් දෙන්න ආණ්ඩුවට උවමනාවකුත් නැහැ .1980 /1990 දශක වල අපි පොඩි කාලේ අපිට ලැබුනේ පිරිසිදු, රටක් . අපි අනාගතයට දෙන්න යන්නේ පිරිසිදු වතුර ටිකක් වත් හොයාගන්න බැරි කුණු ,පොලිතින් ,එන්ජින් ඔයිල් වලින් පිරුණු රටක් .

:       0       4

Samantha Monday, 15 May 2017 12:22 PM

දෙමාපියන්ගේ වගකීම තවත් ආයතනවලට යොමු කරන්න එපා. දරුවෙක් හදනවා වඩනවා කියන්නේ දරුවා බිහිකරලා ඔහේ ඉබාගාතේ හැදෙන්න හරින එක නෙවෙයි. කුඩා කල සිටම දරුවට ගුණධර්ම, යහපත අයහපත දෙමාපියෝ පුරුදු කරන්න ඕනේ.. නැතුව රටටවත්, රජයටවත්, පාලකයින්ටවත් පන්සල්, පල්ලි වලටවත් දොස් කියල හරියන්නේ නැහැ. මේකට අවශ්‍ය පවුල් සංවිධානය කරන වැඩ පිළිවෙලක්. පාලකයින්ට බැනීමෙන් පලක් වෙන්නේ නැහැ. මට මතක් වෙනවා ලාංකිකා පෙරේරා මහත්මිය ගායනා කල ගීතයක්. " අඳුරට බැන බැන ඉන්න එපා, ගිනිකූරක් සොයලා.....මහන්සියෙන් එය දල්වලා , එලිය ලබන්න පුතා"

:       0       7

Neel warnakula Monday, 15 May 2017 01:01 PM

අපි හොඳ සිංහල බෞද්ධයො කියලා ආඩම්බර වෙන්න පුළුවන්...

:       19       19

Pradeep Liyanage Monday, 15 May 2017 01:24 PM

ලසන්ත සහ සුරංගගේ අදහස් සමග එකඟ වෙමි. අප රටේ පවතින අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන්නේ හිත් පිත් නැති බුද්ධිමතුන් පමණි. මොවුන් රෝබෝලාට දෙවැනි නැත. චීනයේ අධ්‍යාපන සංකල්පයක් තියනවා "3H" සංකල්පය කියලා. මොකක්ද මේ "3H" කියන්නේ? එනම් හෙඩ්, හෑන්ඩ් සහ හාර්ට් යනුවෙනුයි. හෙඩ් යනු බුද්ධි වර්ධනයයි, හෑන්ඩ් යනු තම තමන්ගේ වැඩ කටයුතු තම තමන්ම කර ගැනීමට පුහුණු කිරීමයි. හාර්ට් යනු සංවේදී බව, ගස් වැල්, සතා සීපාවන්ට දක්වන ලැදියාව, එකිනෙකාව තේරුම් ගැනීම සහ උදව් කිරීම යනාදියයි. අපි තවමත් හෙඩ් යන සංකල්පයට පමණක් සීමාවී රොබෝ වරුන් බිහිකරමින් සිටින්නෙමු. පියවරුන් තම දරුවන් දුෂණය කරන, සහෝදරයන් තම සහෝදරියන් දුෂණය කරන, අම්මාවරුන් තම දරුවන් කසල ගොඩවල් වල දමා යන, දරුවන් තම මහලු මව් පියන් පාරේ අතරමන් කරන, මහලු මඩම්වල ඔවුන්ව දමායන, තමා ගැන මිසක් අනුන් ගැන, පරිසරය ගැන, සතා සිපාවන් ගැන නොසොයන අත්මාර්ථකාමී සමාජයක් අප බිහිකරමින් සිටින්නෙමු. එවන් මිනිසුන් පිරි සමාජයකින් මිට වඩා කුමක් බලාපොරොත්තු වන්නද?

:       1       44

sada Monday, 15 May 2017 05:41 PM

ප්‍රදීප් ලියනගේ සොයුර, හදවත මැනවින් ස්පර්ශ කරන අදහසක් ඉදිරිපත් කළාට ගොඩක් ස්තුතියි.

:       0       1

PadminiThursday, 18 May 2017 04:35 AM

ලංකාවේ දෙමව්පියන්, ගුරුවරුන්, දරුවන්ට ස්තුතියි, කරුණාකරලා කියන වචන ටිකවත් උගන්වනවාද. හැබැයි දකින දකින වැඩිහිටියන්ට කොන්ද නමල දණගහල වදින්න නම් පුරුදු කරනවා. දීන ජාතියකගේ ලක්ෂණ.

:       0       0

piya Batuwangala Monday, 15 May 2017 04:18 PM

අපේ රටේ මින්සුන්ගේ හැදියාව ..... ඔබ හරි සමේ

:       0       0

sanjeeva Tuesday, 16 May 2017 09:53 AM

උපන් ගෙදර ජරා ගතිය

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6700 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18384 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1047 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 252 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1294 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site