IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මාස තුනකට පසු ආගමික ස්ථාන විවෘත කරයි

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනකට ආසන්න කාලයක් බැතිමතුන්ගෙන් තොරව පැවති ආගමික සිද්ධස්ථාන අද (12) සිට සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් මත යළි විවෘත කෙරිණි.
 

එනමුත් කොළඹ පිහිටි දවටගහ පල්ලිය , මරදානේ ජුම්මා මස්ජිඩ් පල්ලිය ඇතුළු සියලු ඉස්ලාම් භක්තිකයන්ගේ ප්‍රධාන පල්ලි සියල්ල අද භක්තිකයන් වෙනුවෙන් විවෘත නොකෙරුණු අතර ඒ පිළිබඳව තව දුරටත් ඔවුන්ගේ ආගමික නායකයින්  සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව බොහෝ දුරට ලබන සතියේ සිට භක්තිකයන් වෙනුවෙන්  විවෘත කිරීමට අදහස් කරන බව දවටගහ පල්ලියේ පාලක මණ්ඩලයේ සාමාජිකයකු පැවසීය.
 
කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිතුමන්ගේ සිද්ධස්ථානය , මරදාන ෆාතිමා අප ස්වාමිදුවගේ දේවස්ථානය ඇතුළු කතෝලික සිද්ධස්ථාන සහ දේවස්ථාන අද බැතිමතුන්ට විවෘත කෙරුණු අතර බොහෝ බැතිමතුන් මුඛ ආවරණ පැළඳ , සමාජ දුරස්ථභාවය පිළිපදිමින් තම ආගමික වතාවත්වල නිරතව සිටින අයුරු දැකගත හැකි වූ අතර  ඉරුදින දේව මෙහෙයන් පැවැත්වෙන ආකාරය පසුව දැනුම්දෙන බව පියතුමෙකු පැවසීය. 

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

----------------------------------------------------------------------------------------------------------------------

වැල්ලවත්ත ජුම්මා මස්ජිඩ් දේවස්ථානය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කළ අයුරු...

(ඡායාරූප - ළහිරු හර්ෂණ)



අදහස් (6)

මාස තුනකට පසු ආගමික ස්ථාන විවෘත කරයි

kamal Friday, 12 June 2020 11:43 AM

පින්කැටවලට යහපත් කාලයකි.

:       32       108

tharinduFriday, 12 June 2020 04:26 PM

පින් කැටේම වෙන්න ඕනෙ නැහැ. පලතුරු වට්ටිත් අවුලක් නැහැ. දෙවියන් වහන්සේ උදෙසා එකතු කරගෙන යන සම්මාදම් වලට දායක වීම ආදී සෑම දෙයක්ම ආයේ පටන් ගනීවි.

:       0       0

Akila Friday, 12 June 2020 12:21 PM

විවෘත කළා කිව්වේ රටේ අනික් මිනිසුන්ට, එ්ත් අගමැතිතුමයි, ජනාධිපතිතුමයි නම් මම දැක්කා පහුගිය කාලේ මහනුවර, අනුරපුර සිද්ධස්ථානවලට හිතේ හැටියට ගියා වැඳපුදා ගන්න.

:       68       108

වසන්තිකා කොහොමන්ගේ Friday, 12 June 2020 03:52 PM

රජීව් ජයවීර ඝාතනයක්ද? - තදින්ම විවේචනය කළා නේද?

:       0       9

tharindu Friday, 12 June 2020 04:21 PM

ඒ කියන්නේ දැන් බෝරා ජාතිකයින් ලංකාවට එන්න කිට්ටු වෙන්න ඇති.

:       0       16

kumarage Saturday, 13 June 2020 04:40 AM

කොරෝනා වලින් බේරෙන්න ..., දිව්‍ය ලෝකෙට වෙලා හැංගිලා හිටපු දෙවිවරු දැන් එන්න වගේ හදන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site