(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මධ්‍යම කඳුකරයට දින කීපයක් තිස්සේ ඇද හැලෙන ධාරා නිපාත වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ නගිමින් පවති.
අද (21) පෙ.ව. 06.00 වන විට මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණීම සඳහා අඩි 41.09 ක් හා 14.05 ක් වශයෙන් පැවති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.
පවතින අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 02ක් ඊයේ (20) පස්වරුවේ සිට විවෘත්ත කර ඇත. වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යන බැවින් ගඟේ ජලය පරිහරණය කරන ජනතාවට විමසිලිමත්වන ලෙස විදුලිබල මණ්ඩලය හා ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ඉල්ලා සිටී.
පැය 24 පුරා වර්ෂා තත්වය පැවතිම හේතුවෙන් මෙම ජලාශ පිහිටි ජල පෝෂක ප්‍රදේශවල දිය ඇලි සක්‍රීය වී හා කැළණි ගඟේ අතු ගංගා සියල්ලේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මාවුස්සාකැලේ - කාසල්රී ජල මට්ටම නගී