(ඉන්දිකා රාමනායක)
මාලි රාජ්‍යයේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යුද හමුදා සාමාජිකයින් 243 දෙනෙකු සමන්විත යුද හමුදා නව සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩය (Combat Convoy Company) මෙම මස 12, 13 යන දිනයන් හි බටහිර අප්‍රිකානු රටක් වන මාලි රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතව ඇත.
මාලි රාජ්‍යයේ දැනට සාමසාධක රාජකාරීවල නිරතව සිටින යුද හමුදා සාමාජිකයින් 196 දෙනෙකුගෙන් සමන්විත සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩය එළඹෙන (14) වැනිදා මව්බිම බලා නැවත පැමිණීමට නියමිතව ඇති බව හමුදාව පවසයි.
යුද හමුදාවේ සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩයට රෙජිමේන්තු 13 ක් නියෝජනය කරමින් නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 223 අයත් වන අතර මෙම කණ්ඩායම අද (06) කුරුණෑගල බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේදී යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත හමුදා ගෞරවාචාර පිරිනැමූහ.
එහිදී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආචාර පෙළපාලිය පරීක්ෂා කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.







2025 දෙසැම්බර් මස 18
204
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලි යන්න තවත් හමුදා සාමාජිකයන් 243 ක් සුදානමින්