IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මුල්කිරිගල රජමහා විහාරයේ ශෛලමය බුදු පිළිමය තැන්පත් කෙරෙයි

(අනීෂා මානගේ සහ චන්ද්‍රසේන ගමගේ)

ඓතිහාසික මුල්කිරිගල රාජමහා විහාරයේ  ගල මුදුනේ බිම් මට්ටමේ සිට අඩි 800ක් පමණ ඉහළින් ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේනමක ගුවන් හමුදා හෙලිකොප්ටරයක් ආධාරයෙන් ගල මුදුනේ තැන්පත් කිරීම අද(19) පෙරවරුවේ සිදුකෙරිණි.

කිලෝග්‍රෑම් 3200ක් පමණ බරැති මෙම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ උසින් අඩි හතහමාරක් පමණ වෙයි. ඓතිහාසික මුල්කිරිගල රාජමහා විහාරයේ බිම් මට්ටමේ සිට උසින් අඩි 800ක් පමණ ගල මුදුනේ මෙම මෙම ප්‍රතිමාව තැන්පත් කිරීම මෙලෙස සිදුකෙරිණි.

වීරකැටිය මණ්ණාඩුව ක්‍රිඩාංගනයේ සිට මෙම බුද්ධ ප්‍රතිමාව අද පෙරවරුවේදී ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයකින් ගෙනැවිත් තැන්පත් කෙරිණි.

මුල්කිරිගල රාජමහා විහාරාධිපති බෙලිගල්ලේ සරණපාල හිමියන්ගේ මූලිකත්වයෙන් මෙය සිදුකර තිබූ අතර බුද්ධ ප්‍රතිමා වහන්සේ සාදා තැන්පත් කිරීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලධාරින්, ගුවන් හමුදා නිලධාරින් සහ යුධ හමුදා නිලධාරින් සහ සිවිල් ආරක්ෂක බළකා නිලධාරින්ගේ සහයෝගයෙන් සිදුකෙරිණි.

මෙය ඇසළ පොහෝ දිනයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

 



අදහස් (17)

මුල්කිරිගල රජමහා විහාරයේ ශෛලමය බුදු පිළිමය තැන්පත් කෙරෙයි

SL Friday, 19 June 2020 04:40 AM

ඇසිඩ් වලට මැකෙන්නේ නැති සෙල්ලිපියක් ගහලා වැටත් ගහන්ඩ... නැතිනම් ඉතින් මාවනැල්ලේ වගේ අවුරුදු දහස් ගණනක් පරණ සෙල්ලිපි අපේ සහෝදරයින් විසින් ඇසිඩ් ගහලා අලුත් කරලා දෙයි..

:       2       233

සමිත සේනක අලුත්ගමගේ. Friday, 19 June 2020 05:22 AM

බොහොම ලස්සන අගනා ක්‍රියාවක් ... !!! හරිත වන්නන්තර හා කඳු පන්ති අතරේ මේ පිළිමය පෙනෙන කොට සුන්දර දසුන් මැවේවි ... !!! සිතේ ඊර්ෂ්‍යා, කුහක, මාන, කුළ මළ, ජාති ආගම් භේද ආදිය තබාගෙන බුදුන් වඳීම වෙනුවට ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ පිහිටා බුදුන් පිදීම උතුම් බව සැදහති බවුද්ධව ජනතාව සිත් තබාගැනීම අගනේය.... !!!

:       0       294

චින්තක Friday, 19 June 2020 05:48 AM

දම් සිසිලස සියලුම ජන කොටස් වෙත පැතිරී ඔවුනට ශාන්තියක්ම වේවා...!!!

:       32       281

ඉන්දික Friday, 19 June 2020 06:11 AM

ඇයි ඉතින් ඕකට මහින්දම ?

:       7       0

Darunachalam Friday, 19 June 2020 07:26 AM

හොඳයි.. ඒත් රටේ වෙන දැවෙන ප්‍රශ්න නැද්ද? දුප්පත්කම, බඩගින්න වගේ...

:       1169       479

සින්නයියාFriday, 19 June 2020 08:36 AM

රටේ දැවෙන ප්‍රශ්ණ තියෙන්න පුළුවන් වුණත් මිනිසාගේ මනස දියුණු වනවිට දැවෙන ප්‍රශ්න ඉක්මණින්ම විසඳා ගැනීමට හැකියාව ඇතිවෙනවා. මෙයින් කරන්නේ මිනිසාගේ මනස සකස් කිරීමයි. එමගින් දැවෙන ප්‍රශ්න විසඳීම සිදුවේවි...

:       245       482

සින්නයියාFriday, 19 June 2020 08:36 AM

රටේ දැවෙන ප්‍රශ්න තියෙන්න පුළුවන් වුණත් මිනිසාගේ මනස දියුණුවනවිට දැවෙන ප්‍රශ්න ඉක්මනින්ම විසඳා ගැනීමට හැකියාව ඇතිවෙනවා. මෙයින් කරන්නේ මිනිසාගේ මනස සකස් කිරීමයි. එමගින් දැවෙන ප්‍රශ්න විසඳීම සිදුවේවි...

:       110       263

චින්තක Friday, 19 June 2020 07:38 PM

දුප්පත්කම තියෙන්නේ අනිවාර්යෙන්ම "කම්මැලියෝ" ළඟ, මිනිහෙක්ට ඕනෑනම් සුවිප් විකුණලා හරි ජීවිතේ ගැට ගහගන්න පුළුවන්... බඩගින්නට එකම විසඳුම නම් මහන්සි වී වැඩ කිරීමයි. මිනිසුන්ට නිකම්ම කන්න දීමෙන් රටේ කම්මැලි බඩගිනිකාරයින් වැඩිවෙනවා. පොඩි උදාහරණයක් කියන්නම්, ඔය පාරක් පාරක් ගානේ ගිඟ හිඟා යන මනුස්සයෙක්ට කියන්න රුපියල් දාහක් දෙන්නම් ඇවිත් වත්ත පොඩ්ඩක් උදලු ගාලා යන්න කියලා. අනිවාර්යෙන් කවදාවත් එන්නේ නැහැ. හැබැයි නිකන් දෙනවානම් රුපියල් පහක් හරි දිවත් දික්කරලා සාක්කුවේ දා ගනියි..

:       0       1

Jay Friday, 19 June 2020 10:12 PM

ඔය විදිහට ඉස්සර හිටපු රජවරු හිතුවා නම් අපිට ගොඩක් පිළිම නැහැ. එතකොට අනික් රටවල පාලකයෝ එ කාලෙ එහෙම හිතුවා නම් එ රටවලත් පිළිම නැහැ. තේරුමක් නැතා කතා නොකියා ඉන්න.

:       0       0

hira Friday, 19 June 2020 09:34 AM

ප්‍රතිමාවල් අපිට හදාගන්න පුළුවන්.., ආණ්ඩුවක් විදිහට වඳවෙලා යන සිංහල ජනගහනය වැඩිකරන ප්‍රතිපත්තියක් සෑදිය යුතුයි.

:       194       477

chuttaMonday, 22 June 2020 08:35 PM

එහෙනම් වාජීකරණ බෙහෙත් සිංහලයන්ට බලෙන් පොවලා " වැඩ " ගන්න වෙන්නේ. බඩු ෂුවර්, මාස 9න් ජනගහනය ලක්ෂ 25න් නග්ගන්න පුළුවනි. ඒ අයට කන්න දෙන්නේ කවුද..?

:       0       71

Champa Friday, 19 June 2020 04:46 PM

මේ වගේ දේවල් අහන්න මම කැමතියි. අඩි හතහමාරක් උස කිලෝග්‍රෑම් 3200ක් බර ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාවහන්සේ නමක් පරිස්සමෙන් ගෙනත් අඩි 800ක් උස මුල්කිරිගල රජ මහා විහාරයේ ගල උඩින් තැන්පත් කරමින් බුදු දහමේ උන්නතිය වෙනුවෙන් ගුවන් හමුදාවත් සම්බන්ධ වෙලා කරපු හොඳ වැඩක්. නායක හාමදුරුවෝ ඇතුළු මේ පින්කමට සම්බන්ධ වුනු හැමෝටම ස්තුතියි. අතීතයේ අපේ රජවරු සියලු උස තැන්වල බුදු පිළිම සහ වෙහෙර විහාර ඉඳි කරලා තියෙනව මුහුදින් ඈතටත් පේන්න. මේ බුදු පිළිමය නිරාවරණය කලාට පස්සේ තමයි අවට පරිසරයත් එක්ක ලස්සණ බලන්න ඕනේ.

:       0       0

Nandalal DE SILVA - France Friday, 19 June 2020 08:32 PM

මුල්කිරිගල රජමහා විහාරයේ ශෛලමය බුදු පිළිමය තැන්පත් කරලා, මෙය ඇසළ පොහෝ දිනයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළාට පසුව... එතුමාගේ නමින් බෝඩ් කෑල්ලකුත් සවිකරන්න... එතකොට පින් අනුමෝදම් කරන්නත් පුළුවන්..

:       0       0

ලුම්බිණි Saturday, 20 June 2020 06:06 AM

ගල් පිළිමය සහ බොල් පිළිමය මතක් වුණා...

:       0       0

isurandi Saturday, 20 June 2020 08:44 AM

ගුණදම් වඩමු. හැමෝටම කරුණාව, දයාව දක්වමු. එයයි අපි වැඩිය යුත්තේ... බුදුන් අපිට යන්න ඔනේ මාවත පෙන්නලා දීලා තියෙනවා. අපේ රට මෙත් සිසිලෙන් බැබළෙයි එවිට...

:       0       62

vipula Saturday, 20 June 2020 03:52 PM

හැම දේටම විරුද්ධ වෙන අය ගැන 3% ජනතාවට වැඩක් නැත..

:       0       141

අාසම්බුදු දහම හැම හදකම නන්ද පිටබැද්දර Monday, 22 June 2020 08:25 AM

සම්බුදු දහම හැම හදකම ඇතිවේවා.! දම් සිසිෙලන් රටට සැනසුම ඇතිවේවා.! මුලු ලෝකයම සම්බුදු ගුණ ඇතිවේවා.! පවතින රෝ බිය දහමින් දුරුවේවා.! සාධු... සාධු... සාධු...!

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site