ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද අන්තර්ජාතික දිරිය කාන්තා සම්මාන උළෙලේදී 2019 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් දස දෙනා ලෙස තේරී පත්වූ කාන්තාවෝ සම්මානයෙන් පිදුම් ලැබූහ.
ඒ අනුව දිරිය කාන්තාවන් දස දෙනාට අතර සිටින ශ්‍රී ලංකාවේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනියක හා ප‍්‍රකට නීතීඥවරියක වන නීතීඥ මරිනි ද ලිවේරා මහත්මියද සම්මානය හිමිකරගැනීමට සමත් වූවාය.
මෙම උත්සවය ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර හැරී එස්. ටෘමන් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ පිහිටි ඇචේසන් ශ්‍රවණාගාරයේදී ඊයේ(07) පැවැත්විණි.
ලිවේරා මහත්මියට අමතරව මෙම බංග්ලාදේශයේ රාසියා සුල්තානා, බුරුමයේ නව් නාව්, ජිබුටි රාජ්‍යයේ මව්මිනා හුසේන් දරාර්, ඊජිප්තුවේ මමා මැගී, ජොර්දානයේ කර්නල් ඛලීඩා ඛලාෆ් හනා අල් ට්වාල්, අයර්ලන්තයේ කන්‍යා සෙහොයුරියක වන ඕර්ලා ටේ‍්‍රසි, මොන්ටිනීග්‍රෝ හි ඔලිවේරා ලාකි, පේරු රාජ්‍යයේ ෆ්ලෝර් ඩි මාරියා වේගා සහ ටැන්සානියාවේ අන්නා අලෝස් හෙන්ගා යන කාන්තාවෝද මේ වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් දස දෙනා අතරට තේරී පත්ව සිටිති.
සම්මාන ලැබූ දිරිය කාන්තාවෝ දස දෙනා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම ආර්යාව මෙලනියා ට්‍රම්ප් මහත්මිය සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
2019 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් දස දෙනා තෝරාගැනීම වෙනුවෙන් ඔවුන් කළ මානව හිමිකම් කටයුතු, අධ්‍යාපන තත්ත්වය, මාධ්‍ය කලා භාවිතය, නීතිය සහ කාන්තා අයිතීන් පිළිබද සෙසු ක්‍රියාකාරකම් ආදිය මෙහිදී සැලකිල්ලට ගෙන තිබිණි.
(ඒ. එෆ්. පී. ඇසුරිනි)
(16844)




2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මරිනි ද ලිවේරාට 2019 ජාත්‍යන්තර දිරිය කාන්තා සම්මානය
Siri Friday, 08 March 2019 04:20 PM
මගේ සුබපැතුම්!
ජෝය්ස් මානෙල් Saturday, 09 March 2019 06:33 AM
මේ මරිනි ලිවේරා මම හොඳටම දන්නවා (කොළඹදී). හරිම හොඳ ලේඩි කෙනෙක්. අපේ රටට මොන තරම් නම්බුවක්ද බලන්න..
De.uni de silva Sunday, 10 March 2019 12:54 PM
අප අනිවාර්යයෙන්ම ඔබ ගැන සතුටු වෙනවා.
ධම්ම Sunday, 10 March 2019 02:12 PM
අපේ ගම්වල ඉන්න දිරිය කාන්තාවන් එතුමිය නියෝජනය කරන්න ඇති.