IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


මොරටු සරසවි සිසුහු විරෝධතාවක

(රේඛා තරංගනී ෆොන්සේකා)

ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සහ ඊට විසඳුම් ඉල්ලා මොරටු විශ්ව විද්‍යාල සිසුහු පිරිසක්  මොරටු විශ්ව විද්‍යාල භූමියේ දී අද ( 26 ) විරෝධතාවක් පැවැත්වූහ.
 
මොරටු විශ්ව විද්‍යාලයීය සිසුන් වසර කීපයක් තිස්සේ මුහුණ දෙන උග්‍ර ගැටළු 07ක් සහ සාකච්ඡා මට්ටමින් අවසන් වූ නමුත් ඉටු නොවූ පොරොන්දු නිසා ඇති වු දැඩි අපහසුතාවය හේතුවෙන් විරෝධතා පෙත්සමක් අත්සන් කිරීම ද මෙහිදී සිදුවිය.

පළමු වසර නේවාසිකාගාරය ගැටලුව,දේශන ශාලා ගැටලුව,යෝජිත ශිෂ්‍ය මධ්යස්ථානයේ ප්‍රමාදය,අතහැර දැමු අක්‍රමවත් ඉදිකිරීම්,පරිසරයට හානිකර ඉදිකිරීම්,ක්‍රීඩා පහසුකම් ගැටලුව,මහා ශිෂ්‍ය සංගමයට කාර්යාලයක් ලබා නොදීම සහ ආපන ශාලා මිල වැඩි වීම වැනි ගැටලු මුල්කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්විණි.

මහා ශිෂ්‍ය සංගමය මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
 
සිසුහු පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වු අතර මොරටු විශ්ව විද්‍යාලයේ උප කුලපති ආනන්ද ජයවර්ධන මහතා නොවැම්බර් හය වැනිදා වන විට නේවාසිකාගාරය ගැටලුව ඇතුලු ගැටලු කිහිපයකට විසඳුම් ලබා දෙන බවට දැනුම් දීමෙන් පසු විරෝධතාකරුවෝ විසිර ගියහ.



අදහස් (5)

මොරටු සරසවි සිසුහු විරෝධතාවක

kumar (galf) Thursday, 26 October 2017 11:13 AM

රට කන තවත් හරක් රැලක් වෙලානේ...

:       34106       641

SajithThursday, 26 October 2017 12:33 PM

ගල්ෆ් ඉන්න නිසා තමන් බුද්ධිමත් කියලද හිතාගෙන ඉන්නේ? මොරටුවෙන් බිහිවුණු සහ බිහිවෙන කොල්ලෝ කෙල්ලෝ රටේ නමක් තියලා වැඩ කරලා පෙන්නලා තියෙනවා. එ්කට ලංකාදීප පත්තරේ ඕන තරම් ලිපි ඇති. ඔය කුලී වැඩ ඉවර වෙලා කියවලා බලන්න. ඒ ළමයින්ටත් ප්‍රශ්න තියෙනවා. මාසික රැස්වීම් ගණනාවක කියල කියල වැඩේ වෙන්නේ නැති වුනාම තමා මෙහෙම කරන්න වෙන්නේ. වැස්සකටවත් විශ්ව විද්‍යාලයකට ගිහින් නැති උදවිය ඕවා දන්නේ නෑ.

:       1207       17236

සමන්Friday, 27 October 2017 03:14 PM

තමන්ගේ දැනුම ගැන නම් මට මොකුත් හිතාගන්න අමාරුයි. හැබැයි බුද්ධිමත්භාවය ගැන නම් කියන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආදායම් මාර්ගය විදෙස් ශ්‍රමිකයන් (රට විරුවන්) උපයන අතර එහි ප්‍රධාන ප්‍රතිලාභියෙක් ලෙස ඊනියා නිදහස් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලය ශිෂ්‍යයින් ක්‍රියා කරයි. ඉන්පසුද 60%කට නොඅඩු උපාධිධාරීන් පිරිසක් රජයට සම්බන්ධ රුකියාවල නිරත වෙමින්ද තවත් පිරිසක් දෙශිය ව්‍යාපාර වලට සම්බන්ධ වෙමින් නැවතත් විදෙස් ශ්‍රමිකයා උපයන ධනයේ ප්‍රතිලාභ සෘජුව හෝ වක්‍රව භූක්තිවිඳියි. ඒ අතරම මෙලෙස ඔවුන්ට තම මහන්තත්වයද පෙන්වයි. රට විරුවන් කිසි දිනෙක තම අයිතිවාසිකම් වෙනුවෙන් පිටකොටුව පාරවල් වසා උද්ඝෝෂණ කර නැත.

:       0       29

Prasanna Thursday, 26 October 2017 12:36 PM

දැන් අර එන්ඩීටී ප්‍රශ්නේ නැද්ද ආ? පව් නේ ....

:       10236       1270

Daham Friday, 27 October 2017 09:42 PM

නොමග නොයන් පුතේ... ඔබට රටක් ඇතේ ... රටේ දියුණ සැදුම ඔබට බාරයි මගෙ පුතේ... දුර නොබලා ඉක්මන් වී නෑ නෑ පල ලැබුණේ යන්නෙ කොහේදැයි නොම දැන නොයන් ගමන් පුතුනේ ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 374 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 792 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site