IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මියගිය අලිපැටවුන්ගේ සිරුරු 2ක්


(මනම්පිටිය නිමල් ජයරත්න)

පොළොන්නරුව වැලිකන්ද මහසෙන්පුර ප්‍රදේශයේ මහවැලි රක්ෂිතයක මීට දින දෙකකට පමණ ඉහතදී මියගිය  අලිපැටවුන්ගේ සිරුරු 2ක් අද (07) දහවල් සොයාගත් බව වැලිකන්ද වනජීවි කාර්යාලය පවසයි.

මහසෙන්පුර 44 කෙත් ඇළට නුදුරින් ඇති මහවැලි රක්ෂිතයක මෙම නිවුන් අලිපැටවුන් බිහිකර ඇති අතර එම පැටවුන් ඒ මොහොතේම මිය යන්නට ඇති බවට තමන් සැකකරන බව වැලිකන්ද ස්ථාන භාර වනජිවි නිලධාරි දිනේෂ් දිනුක මහතා අපකළ විමසීමකදී සඳහන් කළේය.

මෙවැනි නිවුන් අලිපැටවුන් බිහිකිරිම ඉතා දුර්ලභ අවස්ථාවක් බවත් එමෙන්ම එලෙස මිය යාමද අසන්නට ලැබෙන්නේ කලාතුරකින් බවත් දිනේෂ් දිනුක මහතා පැවසීය.

මේ පිළිබඳ ගිරිතලේ වනජිවි පශුවෛද්‍ය සමීර කලිඟුආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු හෙට (08) සිදුකිරීමට නියමිතය.

අනතුරුව එය සැබවින්ම නිවුන් අලි උපතක්ද යන්න සොයා බලන බවත්, එලෙස මියයාමට හේතුව කුමක්ද යන්නත් සොයා බලා වනජිවි දෙපාර්තමේන්තුව දැනුවත් කරන බවද මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරන වැලිකන්ද වනජිවි නිලධාරීහු සඳහන් කරති.



අදහස් (6)

මියගිය අලිපැටවුන්ගේ සිරුරු 2ක්

ලුම්බිණි Saturday, 07 November 2020 08:41 AM

ඉතා කණගාටුදායක දසුනක්...

:       1       45

Champa Saturday, 07 November 2020 09:32 AM

කලින් පාර අලි මැරෙද්දි නැට්ට පාගන් තප්පුලාගෙන දඟලපු අය දැන් මොනවා කියයිද දන්නෙ නෑ. 'සර්' ගේ වාසනාවට වෙනදේවල් කියලා කියන්නත් පුළුවන්...

:       19       29

Raveendra Saturday, 07 November 2020 09:38 AM

අනේ පව්... අහිංසකයින්ට මෙලොව එළිය දකින්න නොලැබීම. අප රටට වටිනා ස්වාභාවික සම්පතක් අහිමිවිය.

:       1       38

ගෝපිනාත් කුරේ Saturday, 07 November 2020 11:02 AM

ඇඟේ තුවාල තියෙනවා, බලන්න. මිනීමැරුමක් හා සමාන අපරාධයක් වෙන්න පුළුවන්. බලන්න...

:       2       20

පූජා. Saturday, 07 November 2020 11:58 AM

හරිම දුක්ඛිත දසුනක්.. ඒත් මේ චූටි පැටව් ජීවත් වෙලා, ලොකු මහත් වෙලා එයාලට හිමි නිජබිමක නිදැල්ලේ සැරිසරමින් කල් ගෙවන්නට තරම් සුදුසු පරිසරයක් අද කාලේ නිර්මාණය වෙලා තියෙනවාද කියන එක ප්‍රශ්නාර්ථයක්.. ඉවක් බවක් නැතුව කරන වන විනාශයන්, වෙඩි තැබීම්, හක්ක පටස්, දුම්රියට හසුවී මිය යෑම් මෙකී නොකී මොනතරම් බාධා, කරදර මැදද මොවුන්ට දිවි ගෙවන්නට වෙලා තියෙන්නේ..? නැත්නම් පොලිතීන් බෑග් වල තියෙන කුණු ගොඩවල් කෑමට ගන්නවා. එයාලට හිමි නිජභූමි, ඉවක් බවක් නොමැතිව එලිපෙහෙලි කරමින් දේශපාලුවන් කරන, වන විනාශයන් මැද අවිනිශ්චිත ජීවිතයකට මැදිවෙලා ජීවත් වෙන්නටයි වෙන්නේ. දෙපා සතා නැමති රුදුරු මිනිසාගේ කෙනෙහිලිවලට හසු නොවී, ඉපදුණු විගසම මේ පව්කාර ලොවින් සමුගන්නට සිදුවීම එක අතකට හොඳ නේදැයි මට නොසිතුණාම නොවෙයි. නුඹලා ඊළඟ භවයේවත්, මනුස්ස ආත්මයක් ලබා බුදුන් දැක, නිවන් දකිත්වා යයි පැතුම් පතන්නම්..

:       5       47

Clarence Saturday, 07 November 2020 10:39 PM

පරීක්ෂණ කිරීම ගැන මගේ ආචාරය...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 83 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site