IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පිරිසක් විසිර යති

ක.ග කරුණාරත්න


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ බල ඇණි ආධාරක අවි සහ මිසයිල අවි පාඨමාලාව හැදෑරූ නිලධාරීන් සහ සෙසු නිලයන්ට අයත් 121 දෙනෙකු විසිර යාමේ පෙළපාලියක් එම පාබල පුහුණු මධ්‍යස්ථානයේ සරඹ පිටියේදී අද (27) පෙරවරුවේ පැවැත්විණි.
 

එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික පනන්වල මහතා සහභාගි විය.
 
එහිදී බල ඇණි ආධාරක අවි නිලධාරී පාඨමාලාවේ සෑම අතින්ම දක්ෂ නිලධාරියාට හිමි කුසලානය විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් කේ.ජී.ජේ කරුණාරත්න විසින්ද මිසයිල පාඨමාලාවේ සෑම අතින්ම දක්ෂතම ශිෂ්‍යයා ලෙස ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් දෙවන ලුතිනන් එම්.පී.පී.යූ මුත්නායකද බල ඇණි ආධාරක අවි ජේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරී පාඨමාලාවේ සෑම අතින්ම දක්ෂ ශිෂ්‍යයා ලෙස 19 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුවේ සැරයන් කේ.එම්.එස් කුමාරරත්න යන අය විසින් හිමිකර ගන්නා ලදී.
 
ජය සංකේත පිරිනැමීම ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් සිදු කෙරුණු අතර එම අවස්ථාවට මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනා විධායක  මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා මහතාද   එක්ව සිටියේය.



අදහස් (1)

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පිරිසක් විසිර යති

Raveendra Saturday, 28 April 2018 06:43 AM

රණවිරුවනි නුඹලාට අපගේ මාතෘභූමිය දිවිහිමියෙන් රැකුමට තව තවත් ශක්තිය, දිරිය ලැබේවා!!!.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 400 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 112 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 796 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site