IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මධ්‍යම කඳුකරයේ වැසිබර තත්වය පහව යයි

(රංජිත් රාජපක්ෂ) 

                       
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව සමගාමීව අද (14) අලුයම වන විට තරමක් පහව ගොස් ඇත.

ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇත.

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිප තුළ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් සෙන්ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇල්වල ජල ධාරිතාව ද ඉහළ ගොස් ඇත.

ලක්ෂපාන සහ කැනියොන් ජලාශවල විවෘත කර තිබු වාන් දොරටු මේ වන විට වසා දමා ඇති අතර විමසුරේන්ද්‍ර ජලාශය ද වාන් දැමිම නතර වී ඇත.

ඩෙවොන් ඇළ පිටාර ගැලිම නිසා කොටගල ප්‍රදේශයේ පහත් බිම් රැසක පිහිටි නිවාස 20 ක් පමණ ඊයේ (13) ජලයෙන් යට වී තිබු අතර අද අලුයම වන විට පහත් බිම් ජලය බැස යාම හේතුවෙන් එම නිවාසවල පදිංචිකරුවන් නැවත තම නිවාස වලට පැමිණ ඇත.



අදහස් (1)

මධ්‍යම කඳුකරයේ වැසිබර තත්වය පහව යයි

Raveendra Wednesday, 14 August 2019 05:12 AM

දශක 2කට කලින් අපගේ පියවි ඇසට දක්නට ලැබුණු ඒ සුන්දර දිය ඇලි දෙක "එලෙසින්ම" අද දින ඡායාරූප මගින් දැකීමට ලැබීම පිළිබඳව අප ලංකාදීපයට ස්තුතිවන්ත වෙන්නෙමු. මේ අපේ ලක්මවගේ මිලකළ නොහැකි සුන්දරත්වයයි. එය වැනසීමට දේශපාලකයන් නැමැති අම්බරුවන් සහ ඔවුන්ගේ ඇම්බැට්ටයන් සැමවිටම ක්‍රියා කිරීම අවාසනාවකි.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site