IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මාදම්පේ තිනිපිටි වැවේ ජලජ ශාක ඉවත් කරති


(ඔගස්ටින් ප්‍රනාන්දු)

මාදම්පේ තිනිපිටි වැවේ වසර ගණනාවක පටන් වැවී ඇති  සැල්විනියා ඇතුළු ජලජ ශාඛ ඉවත් කිරීමට එහි තරුණ පිරිසක් කටයුතු කළහ.

අක්කර දහසකට ආසන්න කුඹුරු යායක, කන්න දෙකෙහි ම වගා කිරීමට අවශ්‍ය ජලය රඳවා තබා ගත හැකි මෙම වැවෙහි දීර්ඝ කාලයක් තිස්සේ ජලජ ශාක වැවී ජල මාර්ග පද්ධති අවහිර වී තිබේ.

ඒවා ඉවත් කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමුත් විසඳුමක් නොලැබුණු බැවින් මෙම පියවර ගත් බව ඔවුහු පැවසූහ.

මෙයට වසර කිහිපයකට පෙර වයඹ පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය මෙම වැවේ සැල්විනියා, ජපන් ජබර ඇතුළු ජලජ ශාඛ ඉවත් කිරීම  සඳහා මුදල් වෙන් කර එම කටයුතු ආරම්භ කළත්, අතරමගදී එය නතර වූ බවද ගම්වාසීහු කියාසිටියහ.

ගමේ ජනතාවගෙන් මුදල් රැස් කර වැව පවිත්‍ර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, මෙලෙසින්  ඉවත් කරන ජලජ ශාඛ පොල් වතුවලට පෝර වශයෙන් යොදාගැනීම සඳහා අලෙවි කරනු ඇත.



අදහස් (2)

මාදම්පේ තිනිපිටි වැවේ ජලජ ශාක ඉවත් කරති

අනුර Thursday, 10 September 2020 10:13 AM

යහපාලන රජය සමයේ කිහිප වතාවක්ම මේ ගැන දැනුම් දුන්නත් බලධාරීන් කිසිම පියවරක් ගෙන නැහැ. ඒ නිසා මේ තරුණ කැල වැඩේ තමන්ම කරගෙන තියෙන්නේ සෞභාග්‍යයට අප ගෙනයන නව ආණ්ඩුවට ජයෙන් ජය පතාය...

:       0       0

බද්රානි Thursday, 10 September 2020 08:50 PM

ඔක්සිජන් ඇලජික් ඇමතිගේ මේ ව්‍යාපෘතිය නම් නරකම නැහැ. අහල පහළ පොල්වතු හිමිකරුවන්ට මෙම පෙඳ, පාසි, පොල්ගස් වලට පොහොර වශයෙන් විකුණලා ගාණක් පොකට් එකට දමා ගන්න කළ වටිනා දේශප්‍රේමී සැලැස්මක්... ඕකත් ඩෝසර් කරන දවස වැඩි ඈතක නැහැ සර්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site