





(ඉන්දික අරුණ කුමාර)
වසර ගණනාවක ඈත ඉතිහාසයකට දිවයන මඩු ශාකයේ ගෙඩි හට ගැනීම ආරම්භ වීමත් සමඟ ඒ ආශ්‍රීත ආහාර සැකසීම ආරම්භ වී තිබේ.
වාර් ෂිකව අස්වැන්න ලැබෙන මඩු ශාකය පොහොර හෝ ජලය යෙදීමක් සිදු නොකරන අතර, මඩු ගෙඩි වලින් සකසා ගන්නා ආහාර වර් ග රැසක් මාතලේ ලග්ගල ගැමියෝ සතුව පවතිති.
මඩු පිට්ටු ඒ අතරින් ප්‍රධාන තැනක් ගනු ලබයි.
මේ දිනවල මඩු ශාකයේ ගෙඩි කඩා අව්වේ වියලන අයුරු ලග්ගල බොහෝ නිවෙස් වල දැකිය හැකි සුලභ දසුනකි.
බත් වෙනුවට සකසා ගන්නා මඩු පිට්ටු බර අහරක් බවත් හෙනේ කුඹුරේ වැඩ කටයුතු වලදි කුසගින්න නිවා ගැනීමට හා පෝෂ ගුණය බහුලව පවතින හෙයින් පෝෂ දායි ආහර වේලක් ලෙස මඩු පිට්ටු ලග්ගල ගැමියන් අතර ජනප්‍රියය.
2025 දෙසැම්බර් මස 18
165
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
151
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මඩු පිට්ටු කන්න කාලෙ ඇවිත්
ආනන්ද පිටබැද්දර Monday, 07 September 2020 09:02 AM
හානේ හරිම ලස්සන දර්ශනයක්... මේවා ආහාරයට ගන්න බවක් මා දැන සිටියේ නැත. රටේ අසිරිය හා සෞභාග්‍යය ගහකොළටත් දැනිලද මන්දා..
බද්රානි Monday, 07 September 2020 09:58 AM
ආනේ..! මට මේ හිතාගන්න බැරිවයි හිටියේ. මේ දවස්වල ගොඩක් අයගේ කටවල් වැහිලා තියෙන්නේ මොකද කියලා.. දැන් තමයි තේරුණේ මඩු පිට්ටු කාලා වැඩිකමට කටවල්වල පිට්ටු හිරවෙලයි එහෙම වෙලා තියෙන්නේ කියලා...
විජිත් Monday, 07 September 2020 10:25 AM
මඩු පිට්ටු හරි රසයි. හරිම සුවඳයි. මට එකපාරක් කෑමට ලැබිලා තියෙනවා. සුවඳ නිසා හටගත්ත පෙරේතකමට ගොඩක් කන්න හිතුවත් එහෙම බැහැ. ලිමිට් එක පැන්නොත් මත් ගතියක් දැනෙනවා. ඔලුව ටිකක් කැරකෙන්න වගේ එනවා. හරිම ගුණයි. හරිම රසයි. හරිම සුවඳයි.
Chinta ponnamperuma Tuesday, 23 March 2021 09:04 AM
මඩු ඇට පිටි සාදන අයුරු කියා දෙන්න. වීඩියෝ එකකින් නම් වඩාත් හොඳයි...