බන්ධනාගාර රැඳවියන්ට තහනම් භාණ්ඩ සැපයීමට අදාළ ලිපි ලේඛන කූඨ ලේඛන සැකසීම සහ විෂමාචාර දූෂණ ක්‍රියා සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා විසින් බන්ධනාගාර රැඳවියන්ට ලබා දෙන ලදැයි කියන සුඛෝපභෝගී පහසුකම් සම්බන්ධයෙන් වූ ඡායාරූප පෙළක් බුද්ධි අංශ විසින් සොයා ගනු ලැබ ඇත.
මෙම ඡායාරූප සොයාගෙන ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අතරතුරදීය.
ආරක්ෂක අංශ සඳහන් කරන අන්දමට මෙම ඡායාරූපවල දැක්වෙන්නේ මීගමුව බන්ධනාගාරයේ වාට්ටු අංක 02 හි රඳවා සිටි මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන “කොණ්ඩ රංජි නොහොත් කඳානේ රංජි” නමැත්තා සහ තවත් සැකකරුවන් පිරිසක් විසින් පවත්වන ලද මත්පැන් සාදයකි.
විදුලි උදුනක්, අයිස් බඳුනක්, ඇඹරුම් යන්ත්‍රයක් (බ්ලෙන්ඩරයක්), නවීන පන්නයේ ජංගම දුරකතන රැසක්, රූපවාහිනි දෙකක්, දුරකතන චාජර් මෙම ඡායාරූපවල දැක්වෙන අතර, දුම්වැටි පානය කරමින් කාඩ් සෙල්ලම් කරන අයුරුද දිස්වෙයි.
ඇඹරුම් යන්ත්‍රවලින් බීම සකස් කරමින් සිටින අයුරු මෙම ඡායාරූපවලින් දැක්වෙන අතර, ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන කිහිපයක් චාජ් කරමින් තිබෙන අයුරුද දිස්වෙයි. විවිධ කටගැස්මට වර්ග කිහිපයක් පිඟන්වල දමා ඇති අතර ශීතකළ ජල බෝතල්, විවිධ වර්ගයේ සිසිල් බීම ආදියෙන් සමන්විතව සකස් කළ සාදයේ කෑම වර්ග ඉතාමත් සුඛෝපභෝගී අයුරින් සකස් කර ඇති බව පෙනෙන්නට තිබේ.
කෑම පිසගැනීමට අවශ්‍ය කුළුබඩු වර්ග බඳුන්වල ඇසුරුම් කර රාක්ක ලෙසින් සකස් කරගෙන මෙම ස්ථානයේ තබා ඇති අතර විවිධ බිස්කට් වර්ග ආදිය ද ඇති බව ඡායාරූපවලින් දිස්වෙයි.
විවිධ ගීත ගායනා කරමින් මෙම සාදය පවත්වන අතරතුර මොවුන් ඒවා සෙල්ෆි ඡායාරූප මෙන්ම වීඩියෝ වශයෙන් ද පටිගත කර ඒ වෙනුවෙන් ම සකස් කර ගත් මුහුණු පොතේ ගිණුමකට මුදාහැර ඇති බවද බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබිණි.
(*** සටහන - නිමන්ති රණසිංහ)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මීගමුව හිරේ සුපිරි පාටියෙන්...
මංජුල Wednesday, 27 January 2021 08:38 AM
සිරකරුවෝද මනුෂ්‍යයන් වෙති..
Prabha Wednesday, 27 January 2021 09:27 AM
එහෙව් සම්පායෝ ඇප පිට එළියේ...
harsha Wednesday, 27 January 2021 09:31 AM
කොහේද මේකේ සුඛෝපභෝගී කෑම තියෙන්නේ..?
fairoos Thursday, 28 January 2021 08:13 AM
එතකොට චොකාමල්ලි මීට වඩා අගේට ඉන්නේ... !!!
sharm warn Monday, 01 February 2021 07:00 AM
අන්න දැක්කනේ. හිරේට ගියත් හයික්ලාස් එකෙන් යන්න දැනගන්න ඕනෑ. දැන් එතකොට සම්පායෝට ඇපදුන්නේ කොහොමද?