IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


බස්රථ එක තීරුවක පමණක් ධාවනය වන නියමු ව්‍යාපෘතිය අද සිට

(ඩයනා උදයංගනී)

කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් බස් රථ ධාවනය සඳහා වෙනම මංතීරුවක් (බස් ප‍්‍රමුඛතා මංතීරු) හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය රාජගිරිය මංසන්ධියේ සිට බොරැල්ල ආයුර්වේද මංසන්ධිය දක්වා අද (12) සිට ක‍්‍රියාත්මක කෙරිණි.

අත්හදා බැලීමක් වශයෙන් මෙම ව්‍යාපෘතිය අද සිට සතියක කාලයක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව මෙම ප‍්‍රමුඛතා මංතීරුව ඔස්සේ බස් රථ, පාසල් සිසුන් ප‍්‍රවාහනය කරන රථ මෙන්ම කාර්යාලයීය සේවකයින් ගෙන යන වෑන් රථ ආදී පොදු ප‍්‍රවාහන සේවාවන් සඳහා පමණක් ඉඩකඩ සලසා ඇත.

පෞද්ගලික වාහනවල පැමිණෙන අයට මෙයින් අපහසුතාවක් ඇතිවුවහොත් ඉවසීමෙන් කටයුතු කරන්නැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.

 



අදහස් (8)

බස්රථ එක තීරුවක පමණක් ධාවනය වන නියමු ව්‍යාපෘතිය අද සිට

ජයතිස්ස Monday, 13 March 2017 12:14 AM

මේක ඔස්ට්‍රලියාවේ නගරබද පාරවල් වල අවරුදු ගණනක් තිස්සේ කරගෙන යනවා. හැබයි දේශපාලකයන්ටත් එකම නීතිය තියෙන්නේ. ඇමතිතුමා ඔස්ට්‍රලියාවෙන් පාඩමක් ඉගෙනගෙන ඇවිත් වගේ.

:       0       1

Pa-Ra Monday, 13 March 2017 04:06 AM

ඩුබායි රජයට එසේ කිරීමෙන් තමා හොඳ ප්‍රතිපලයක් ගෙනදුන්නා.

:       0       0

Pras Monday, 13 March 2017 04:40 AM

හොඳ වැඩක්.

:       0       104

uddika Monday, 13 March 2017 04:47 AM

ඇත්තටම හොදයි. ඒ වගේම එතකොට මග නවත්තන් ඉන්න බැහැ නේද. එකත් එක්කම බස් වලට ඕවටෙක් කරන එකත් තහනම් කරන්න ඕන.

:       0       148

Mewan Monday, 13 March 2017 06:53 AM

බොහොම හොඳ අදහසක්, දැන් බස් වලට කොට කොටා යන්න බෑ , නියමිත ගමන් වාරයේදී ආරම්භයත්, නියමිත වෙලාවේදී ගමනාන්තයට යාමත් සිදුවේ නම් එය මගියාට මෙන්ම රටටද වැඩ දායකයි....

:       0       1

මගරිසි Monday, 13 March 2017 11:56 AM

මෙය ඉතා හොඳ උත්සහයක්. ලෝකයේ නගර බොහොමයක බස් වලට මෙවැනි මන්තීරු වෙන් කරලා තියෙනවා. මේකෙන් ප්‍රයිවෙට් බස් කොට කොටා යන එක අඩු කරන්න පුළුවන්. අනිකුත් ප්‍රධාන නගර වලද මෙම ක්‍රමය පටන්ගන්න.

:       0       26

Ravi Dubai Monday, 13 March 2017 12:15 PM

හොඳ වැඩක්. දිගටම කරගන්න පුළුවන්නම් ගොඩක් හොඳයි. ලෝකේ දියුණු රටවල මෙහෙම තියෙනවා.

:       0       1

Susil Monday, 13 March 2017 07:02 PM

ඔන්න ඕවා තමයි වැඩ, හැබැයි දිගටම කරන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1214 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1194 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 438 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site